
මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ පුත් මාලක සිල්වා විසින් හමුදා මේජර්වරයෙකුට කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකදී පසුගියදා පහරදී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවක් අතරතුරදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
එම සිද්ධිය යහළු මිත්‍රයින් අතර සාමාන්‍ය ඇඳුමින් සැරසි සිදුවු ඝට්ටනයක් යැයි ඔහු සඳහන් කළේය.
තමාගේ පුතා තමාට වඩා උස මහත බවත්, ඔහු සැඟවීමට නම් අඟහරු ලෝකයට පිටත් කළ යුතු බවත් මර්වින් සිල්වා අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.
අනෙක ඔහු සැඟවීමට මිනි මැරීමක්, මත්ද්‍රව්‍ය ජාවාරමක්, අල්ලසක්, කප්පමක් හෝ අන්අයෙකුගේ ගැහැණියක් ගෙනැවිත් වැනි දෙයක් සිදුකර නැතැයි ද අමාත්‍යවරයා පැවසුවේය.