
මැතිවරණයක් නිමා වූ බවත්, නැගෙනහිර පළාතේ ජාතික සංහිඳියාව මෙන්ම ජාතික සමඟිය ගොඩනැඟීමට සියළු දෙනා එක්ව කටයුතු කිරීමට දෙමළ ජාතික සන්ධානයට සහ මුස්ලිම් කොංග‍්‍රසයට ආරාධනා කරන්නේ යයිද ඒ මහතා සඳහන් කරයි.
තමන් මැතිවරණ වේදිකාවේදී කෘෂිකර්මය පිළිබඳ, අධිවේගී මාර්ග පිළිබඳ කතා කරද්දී විපක්‍ෂය මැතිවරණ වේදිකාවල ජුලම්පිටියේ අමරේ, කෞතුකාගාර කඩුව, ස්වාසිලන්ත රජුගේ අන්තඃපුර ගැන කලා කලද ජනතාව වැළඳ ගත්තේ විශ්වාස කලේ මොනවාද යන්න මැතිවරණ ප‍්‍රතිඵලවලින් පැහැදිලි වූවේ යයිද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.