පොළවෙන් අහසට ඇදුනු ගිණි ටොනේඩෝව

පසුගියදා ඕස්ට්‍රේලියාවේ අමුතුම ආකාරයේ ටොනේඩෝවක් දක්නට ලැබී තිබෙනවා. ඒ අඩි 100ක් පමණ උසට ගිණි දැල් අහසට ඇදී යන අයුරුයි.

විනාඩි 40ක් පමණ දර්ශනය වූ මෙම ගිණි ටොනේඩෝව වීඩියෝ කර තිබෙන්නේ එම ප්‍රදේශයට ගොස් තිබූ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු විසිනි.


ඔහු එම ප්‍රදේශයට ගොස් තිබෙන්නේ ඔහුගේ නවතම චිත්‍රපටයට සුදුසු දර්ශන පසු තල සෙවීම පිණිසය.



ඔවුන් සිටි ස්ථානයට මීටර් 300ක් පමණ දුරින් මීටර් 30ක් පමණ උසට ජෙට් යානයක් ගමන් කරන විට නඟන හඬට සමාන හඬක් නඟමින් මෙම ගින්දර ටොනේඩෝව ක්ෂණිකව ඇතිවී තිබෙනවා.

එම අවස්ථාවේ කිසිදු සුලඟක් තිබී නොමැති අතර උෂ්ණත්වයද තිබී ඇත්තේ සෙල්සියස් 25ක පමණය.

මෙවන් සංසිද්ධියක් ඇතිවන්නේ ඉහළ යන උණුසුම් වායුවට ගින්දර ස්පර්ශ වීමෙනි. සමාන්‍යයෙන් මෙවන් සංසිද්ධියක් විනාඩි තුනක පමණ කාලයකට සීමා වුවද මෙම ටොනේඩෝව විනාඩි 40ක් පමණ ඇතිවී තිබෙනවා.

එම අවස්ථාවේ ගත් වීඩියෝව පහතින්.



එම අවස්ථාවේ ගත් ජායාරූප පහතින්.







Gossip Lanka Hot News Previous News Archive