මාලක සිල්වා බාරවෙයි,මම එදා හෝටලයට ගියේ ජන්ද ප්‍රතිපල අහන්නයි.


හමුදා මේජර්වරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය වෙත බාර වී ඇතැයි පොලීසිය පවසයි.

ඔහු සමඟ චෝදනා ලැබ සිටි අනෙක් සැකකරුවන්ද බාර වී තිබේ.


  • අද මම පොලීසියට බාර වෙනවා.
  • මම එදා හෝටලයට ගියේ ජන්ද ප්‍රතිපල අහන්නයි.
  • මම කිසිම පහරදීමක් කළේ නැහැ.
  • CCTV වල තියන ඒවා ගැන දන්නේ නැහැ.
  • මම ඩ්‍රයිවර්ට කිව්වා පිස්තෝලය ගැන ඇමතිතුමාට කියන්න කියලා
  • රණවිරුවන්ට අප ඉන්න තැනක අතක් උස්සන්න දෙන්නේ නැහැ
  • මම පොලීසිය මඟ හැරියේ නැහැ. දැනුත් මම ඉන්නේ පොඩි ගමනක් යන ගමන්.
  • මාව ආරක්ෂා කරන්න හොඳ යාලුවෝ පිරිසක් ඉන්නවා
අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා විසින් බුද්ධි අංශ මේජර්වරයෙකුට පහරදීමෙ පසුව මාලක සිල්වා විසින් අද පොලීසිය වෙත බාර වී තිබෙනවා.

ඊට ප්‍රථම ඊයේ ඔහු එම පහරදීම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වා තිබෙනවා. එම සාකච්ජාව පහතින්.


එදා මොකක්ද වුනේ?
එදා ජන්දය දවස. ඒක නිසා මම යාලුවෝ කිහිපදෙනෙක් එක්ක ජායික් හිල්ටන් එකට ගියා ජන්ද ප්‍රතිපල බලන්න. ජන්දය බලලා ගෙදර යද්දී මිනිස්සු දෙන්නෙක් හිටියා. ඒ දෙන්නගෙන් එක්කනෙක් මම පොඩ්ඩක් දන්නවා. මොකද එයා මට විදේශ රට වලදී හමුවෙලා තියන නිසා.

ඒ අය හමුදාවේ අයද?
මම දන්න කෙනා නම් ආමි එකේ නෙවෙයි. ඔහු නාවල නිහාල් කියන කෙනා ලඟ හිටපු පොඩි චූටියි. මම පොඩි චූටිගෙන් ඇහැව්වා "හලෝ පොඩි චූටි කොහොමද?" කියලා. එතකොට එහා පැත්තේ හිටපු කෙනා පොඩි චූටිගෙන් මාව පෙන්නලා ඇහැව්වා "කවුද මූ" කියලා. එතකොට මම ඇහුවා "තමුසේ කවුද මට මූ මූ කියලා කියන්නේ " කියලා.

ඒ පුද්ගලයාද මේජර් කියන කෙනා?
ඒ වෙලාවේ මේජර් කෙනෙක්ද කියලා අඳුරගන්න බෑ. මොකද ඔහු ඒ වෙලාවේ හිටියේ සිවිල් පිට. අධික ලෙස මත්පැන් පානය කරලා හිටියේ.

ඔහු ඇහැව්වේ ඒ වචන ටික විතරමද?
ඔහු කිව්වා මේ සැරේ ජන්දේ දිනුවට ඔයගොල්ලන්ට ආයෙත් ජන්දේ ආයෙත් දිනන්නේ නැහැ, පරෙස්සමෙන් ඉන්න කියලා.

එතකොට ඔබ මොකද කළේ?
ඒක හරි පස්සේ බලාගමු කියලා.

ඒ වචන කිහිපය පමණමයිද කිව්වේ? ඒක නෙවෙයි පහරදීමක් සිදුකලේ නැද්ද?
ඔව්. එම වචන කිහිපය පමණයි කිව්වේ. මම කිසිම පහරදීමක් කළේ නැහැ.

වගකීමෙන්ද කියන්නේ?
ඔව්.

පොලීසිය කියනවා CCTV කැමරා වල සටහන් වෙලා තියනවා කියලා ඔබ පහරදුන් බවට.?
ඒක ගැන මමදන්නේ නැහැ. ඒත් මම පහරදීමක් සිදුකලේ නම් නැහැ.

එතකොට කවුද ගැහුවේ?
මම වාහනයට නන්ගින්න යනකොට පස්සේ හිටපු අය කිව්වා "මාලක පහත්වෙන්න මූ වෙඩි තියන්න යනවා" කියලා. ඊට පස්ඩ්සේ මම මං ආපහු හැරිලා බලනකොට එතන හිටපු කට්ටියක් අර පුද්ගලයා වටකරගන හිටියා. එතනදී එහෙම දෙයක් වුනාද කියලා මම දන්නේ නැහැ.

එතකොට කොහොමද මේජර්වරයා සතුව තිබූ පිස්තෝලය ඔබගේ ඩ්‍රයිවර් අතට ගියේ?
සිද්ධිය ඉවර වෙලා අපි ගෙදර යන්න ගියා. යන ගමන් ඩ්‍රයිවර් කිව්වා පිස්තෝලයක් වැටිලා තිබුණා. ඒක ගෙනාවා කියලා.

එතකොට ඔබ මොකද කළේ?
මම ඊට පස්සේ ඩ්‍රයිවර්ට කිව්වා පිස්තෝලය ගැන ඇමතිතුමාට කියන්න කියලා. මොකද මේකේ මොන වගේ නීතිමය තත්වයක් තියනව කියලා මම දන්නේ නැති නිසා. ඊට පස්සේ තමයි තාත්තා ඩ්‍රයිවර්ට කියලා තියෙන්නේ පිස්තෝලය පොලීසියට බාරදෙන්න කියලා.

මේ සම්බන්ධයෙන් ඔබව පොලීසියෙන් සොයන බව දන්නවද?
ඔව්. ඒක නිසා මම පොලීසියට ගිහින් හෙට (අද) බාරවෙනවා.

ඔබ ඇයි මෙච්චර දවසක් පොලීසිය මඟ හැර සිටියේ?
මම පොලීසිය මඟ හැරලා නැහැ. පොලීසියට ඕනේ නම් මාව අත් අඩංගුවට ගන්න තිබුණා. දැනුත් මම ඉන්නේ පොඩි ගමනක් යන ගමන්.

තාත්තාගේ රැකවරණය වගේ, තාත්තගේ ආරක්ෂාවත් ඔබ භාවිතා කරනවා නේද?
නැහැ. තාත්තා කිසිම දවසක මාව ආරක්ෂා කරලා නැහැ. ඒ වගේම තාත්තට දීපු ආරක්ෂකයන් මම යොදාගන නැහැ. මාව ආරක්ෂා කරන්න හොඳ යාලුවෝ පිරිසක් ඉන්නවා. ඒ අය මාව හොඳට ආරක්ෂා කරාවි.

හමුදාවේ අයට පහරදීම් එතරම් හොඳ ක්‍රියාවක් නෙවෙයි නේද?
ඔව්. හමුදාවට මගේ හිතේ, මගේ තාත්තගේ හිතේ තියෙන්නේ ලොකු ගෞරවයක්.

මේ ගෞරවය නිසාම යුද්ධය දිනුවට පස්සේ අපි දෙන්න සතුට පල කරන්න පාරක් පාරක් ගානේ රතිඥ්ඥා පත්තු කළා. මෙතනදී වුනේ රණවිරුවෙකුර වුන පහරදීමක් නෙවෙයි. මොකද එතනදී මේ පුද්ගලයා හැසිරුනේ හමුදා නිලධාරියෙක් ලෙස නෙවෙයි. සැබෑ රණවිරුවන්ට අපි ආදරෙයි. ඒ වගේම රණවිරුවන්ට කිසිම පුද්ගලයෙකුට අප ඉන්න තැනක අතක් උස්සන්න දෙන්නේ නැහැ.

Gossip Lanka Hot News Previous News Archive