ඩයලොග් නින්දිතයි – සේවකයෝ විරෝධයේ


ඩයලොග් ටෙලිකොම් ආසියාටා සමාගම සතුව තිබෙන සේවක ගැටළු මුල්කරගෙන ඊට විරෝධය දක්වමින් දීපව්‍යාප්ත පෝස්ටර් ව්‍යාපාරයක් එහි සේවකයින් විසින් දියත් කර තිබේ.
ආයතනයේ දියත්වෙමින් පවතින සේවක කප්පාදුව සහ සේවක වරප‍්‍රසාද අහිමි කිරීමේ ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් මේ වන විට එහි බොහෝ සේවකයින් අතර ආයතනයේ ඉහල නිලධාරීන් පිළිබඳව දැඩි අප‍්‍රසාදයන් මතු වෙමින් පවතී.

ඔවුන්ගේ අදහස අනුව මෙය ඉතා කුමන්ත‍්‍රණකාරී ලෙස ඩයලොග් මවු සමාගම වන මැලේසියානු ආසියාටා සමාගමේ මැදිහත්වීම මත, ලංකාවේ සිටින එහි නියෝජිතයින් සහ සමාගමේ මැදිහත්වීම මත, ලංකාවේ සිටින  එහි නියෝජිතයින් සහ සමාගමේ ලංකාවේ ඉහල කළමනාකාරීත්වය එකතුව ක‍්‍රියාවට නගන්නකි.
තවදුරටත් ඩයලොග් සේවකයන් පවසන්නේ, වසරකට රුපියල් බිලියන ගණනින් ලාභ උපයා ලංකාවේ මුදල් මවු සමාගම වෙත රැගෙන යන මොවුන්, දැන් සැරසෙන්නේ ලබාදී ඇති රැුකියා ප‍්‍රමාණයද ක්පපාදු කර තිබෙන සේවක වරප‍්‍රසාදද නැති කර තව තවත් අධිලාභ ලැබීමේ නින්දිත උත්සහයක නිරතවී සිටින බවයි.


Gossip Lanka Hot News Previous News Archive