තමන් බලයට පැමිණියහොත් ජනතාවට හිංසා පීඩා කරනු ඇති බවත් තමන් ඉඩි අමින්, හිට්ලර් පන්නනයේ පාලකයෙකු වනු ඇති බවත් පැවසූ පිරිස් එදා බෝධිසත්වයක් ලෙස පෙනී සිට බව සරත් ෆොන්සේකා මහතා පවසයි.
කිරිබත්ගොඩ ප්රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා මේ අදහස් පල කලේය.
‘සිරගෙවල්වල දමා අපිව බලකරන්න මර්දනය කරන්න බෑ. අප් කවදාවත් මැරකම්වලට, දාමරිකකම්වලට බයේ අපේ ගමන නතර කරන්නේ නැහැ. අපි එදා පොරොන්දු වුණ දේවල් ලබා දෙන බවට නැවතත් පොරොන්දු වෙනවා.
ඒ දවස්වල මට කිවුවා හිට්ලර් වගේ කියලා, ඉඩ අමින් වගේ වෙයි කියලා. බලයට ආවොත් ජනතාවට පීඩා කරයි කිවුවා. ඒ දේවල් කියපු අය බෝධිසත්වයන් ලෙස පෙනී සිටියා.
නමුත් මේවායින් පසුබට වෙන්නේ නෑ. ඔබලා වෙනුවෙන් කිරීමට ඇති යුතුකම් කිරීම පැහැර හරින්නේ නැහැ.’