මාලක සිල්වා සර්වඥ ධාතු වඳියි

අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා ඇතුළු පස් හය දෙනෙක් විසින් කළ යුද හමුදාවේ බුද්ධි අංශයේ මේජර්වරයකුට දරුණු ලෙස පහර දීමෙන් පසුව මාලක සිල්වා තවමත් නිදැල්ලේ හැසිරෙන අතර පොලීසිය විසින් තවමත් ඔහුව අඩංගුවට ගෙන නැහැ.

පහර දීමෙන් තුවාල ලැබූ බුද්ධි බළකා මේජර්වරයා සහ සහායකයා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේය ප්‍රතිකාර ලබමින් සිටි අතර මේ වනවිට යුධ හමුදා රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.


මාලක සිල්වාගේ රියදුරා විසින් මේජර්වරයාගෙන් පැහැරගත් ගිනි අවිය සහ ජංගම දුරකථනය ගෙනැවිත් පොලීසියට භාර දී තිබෙන්නේ දෙපාර්ශ්වය අතර ගැටුම සිදුවන අවස්‌ථාවේ බිම වැටී තිබූ නිසා තමන් රැගෙන ගිය බව දන්වමිනි.

නමුත් මෙම ගැටුම සිදුවන අවස්‌ථාවේ මාලක සිල්වා ඇතුළු පිරිස මේජර්වරයා වට කොට පහර දෙන අයුරුත් පසුව ගිනි අවිය සහ ජංගම දුරකථනය මේජර්වරයාගෙන් උදුරා ගනිමින් මේජර්වරයා පැළඳ සිටින රන් දම්වැල කඩා ගන්නා අයුරුත් ජායික්‌ හිල්ටන් ගොඩනැඟිල්ලේ තිබූ ආරක්‍ෂිත කැමරාවල පැහැදිලිව සටහන්ව තිබෙනවා.

රියදුරු කඩේ යවා ජංගම දුරකථනය හා ගිනි අවිය පොලීසියට ගෙනත් දුන්නද රන් දම්වැල තවමත් තිබෙනුයේ මාලක සිල්වා සතුවය.

මෙම පහරදෙන අවස්ථාවේ අමාත්‍ය මර්වින් සිල්වාගේ මාධ්‍ය ලේකම් වරයා ලෙස කටයුතු කළ රොහාන් විජේරත්න ද සිට ඇති නමුත් ඔහු හිටපු අමාත්‍ය මනෝ විජේරත්නගේ හා තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනිය වන භාරතී විජේරත්නගේ පුත්‍රයකු බව ඇතැම් මාධ්‍ය වාර්තා කළද එය පැහැදිලි නැත.

වරෙන්තුවන් නිකුත් කර අවුරුද්දකට වැඩි කල ගතවුවද සුදර්මන් රදලියගොඩ අත් අඩංගුවට නොගත් පොලීසිය මාලක සිල්වා අත් අඩංගුවට ගැනීම පැහැර හැර තිබෙන්නේ ශ්‍රී ලංකා පොලීසිය යනු නිවටයන්ගේ ආයතනයක් බව නැවත ඔප්පු කරමිනි.

මේ අතර පොලීසියට අත් අඩංගුවට ගත නොහැකිවූ මාලක සිල්වා පොලිස් මුරකාවල් මැදින් පැමිණ කැළනියේ සර්වඥ ධාතු වඳින අයුරු ඩේලිමිරර් කැමරාවට හසුවී තිබෙනවා. තම පියා වූ අමාත්‍ය මර්වින් සිල්වා සමඟ පැමිණි මාලක සිල්වා, එම අවස්ථාවේ පැමිණි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සමඟ කතාබස් කොට තිබෙනවා.


Gossip Lanka Hot News Previous News Archive