වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලාංකිකයන් ඇතුළු සරණාගතයින් ඔස්ට්‍රේලියාවට ඇතුළුවීම වැළැක්වීමට ඉඩ සැලසෙන පරිදි නව නීති සම්පාදනයට එරට රජය පියවර ගෙන තිබේ.
ඊට අදාළ නීති ඇතුළත් ප්‍රතිපත්තියක් ඔස්ට්‍රේලියානු රජය විසින් පසුගියදා හඳුන්වා දුන් අතර එමගින් නීති විරෝධී ලෙස එරටට සංක්‍රමණයවීම් සීමා කෙරෙනු ඇත.
නව නීතියට අනුව ඔස්ට්‍රේලියාවට පැමිණෙන සරණාගතයින් පැසිෆික් සාගරයේ පිහිටි නාවුරු දූපතට පිටත් කර හැරීමට කටයුතු යොදා තිබේ.
එම දූපතේ තාවකාලික පදිංචියට පමණක් සරණාගතයින්ට අවස්ථාව හිමිවන අතර ශ්‍රී ලාංකිකයන් තිස් දෙනෙකු ද පසුගියදා එම දූපතට යවා ඇත.
ඉදිරියේ දී දේශපාලන රැකවරණ පතා පැමිණෙන්නන්ට ද ඔස්ට්‍රේලියාව තුළ ඉඩ ඇහිරෙනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
a නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාව බලා යෑමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් දහසකට වැඩි පිරිසක් පසුගිය කාලය තුළ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.