ගණිකා නිවාසය එක්ක මගේ සම්බන්ධයක් නෑ, මං ප‍්‍රභාකරන්ට අභියෝග කල මිනිහෙක්


වැල්ලවැත්තේදී වටලනු ලැබූ ගණිකා නිවාසයට තමන්ගේ සම්බන්ධයෙක් නැති බවත් ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තවායට එළිපිටම අභියෝග කල තමන් කසිප්පු පානය කල මීයන්ට අභියෝග නොකරන බවත් අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.
ඔහුගේ පුත් මාලක සිල්වාල හමුදා මේජර්වරයෙකුට පහරදීම හෙලා දකිමින්ල දකුණු පළාත් සභාවේ සන්ධාන මන්ත්‍රීවරයකු රුපවාහිනි නාලිකාවක් තුලින් කල ප‍්‍රකාශයට පිළිතුරු දෙමින් අමාත්‍ය මර්වින් සිල්වා මහතා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.

ඇමති මර්වින් සිල්වා මහතා දේශපාලන බලය අතට ගෙන හමුදාවට අවමන්කර ඇතැයි විශ්‍රාමික හමුදා සෙබළකු වන මෙම සන්ධාන මන්ත්‍රීවරයා රූපවාහිනී සාකච්චාවේදී අවධාරණය කළේය.
මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශය පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා මෙසේද කීය.
‘ඔය කියන මන්ත්‍රීවරයා ගැන මම ඇහුවෙත් ඊයේ.  කිසිම වැදගන්මකට නැති නොවටිනා මිනිහෙක්. මිනිහා විරෝධාර රණවිරුවන්ගේ නම විකුණන් කනවා. කොටින් තර්ජන තියන කලේ මායිම් ගම්මානවලටම ගිහින් ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය ප්‍රසිද්ධියේ අභියෝග කලේ මම. රණවිරුවන් දිරිමත් කරන්න, මම ඔවුන් වෙනුවෙන්  රට පුරාම බෝධි පුජා තිවුවා. රණවිරුවන්ගේ ජයග්‍රහනවලදී කිරිබත් හදාගෙන මුළු කැළණි යටම  කිරිබත් දුන්නේ මම. එදා මම කරපු කාර්යභාරය රණවිරුවෝ දන්නවා. ඒ නිසා ඔය එක එකාට මට එරෙහිව රණවිරුවෝ උසුගන්වන්න බැහැ.
මම ගැන සදහන් කරපු කසිප්පු බීපු මියාට මම කියන්නේ,  බල්ලෙක් හම්බවෙනතුරු ඔහොම යන්න. මි කතුරක් හම්බවෙනතුරු දිගටම යන්න.’
ඇමති මර්වින් සිල්වා මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු බව කියන වසන්ත රාජපක්‍ෂ නොහොත් සුද්දා නම්ත්තකු විසින් වැල්ලවත්තේ පවත්වාගෙන ගිය ගණිකා නිවාස සම්බන්ධයෙන්ද මාධ්‍යවේදියකු ඇසූ ප‍්‍රශ්ණයකට අමාත්‍යවරයා පැවසුවේ වසන්ත රාජපක්‍ෂ හෝ  සුද්දා නමැත්තකු තමන්ගේ කාර්ය මණ්ඩලයේ සේවය නොකරන බවයි. එම සිද්ධියට තමාගේ නම ඇදාගෙන වාර්තා පළකර ඇති පුවත්පතකට එරෙහිව නඩු පවරන බවද ඇමතිවරයා අවධාරන කර සිටියේය.

Gossip Lanka Hot News Previous News Archive