පසුගියදා කොළඹ බන්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති මැණික් සහ ස්වර්ණාභරණ ප‍්‍රදර්ශණයේදී දියමන්තියක් සොරාගෙන පැනගිය චීන ජාතිකයා සමන් නොදන්නා බවත්, දියමන්තිය වෙනුවෙන් තමන් වන්දි ගෙවීමට සූදානම් බවත් සිද්ධිය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ පසුවන චීන ජාතිකයා කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
චීන භාෂා පරිවර්තකයෙකු මඟින් මේ බව උසාවියට දැනුම් දී ඇති සෙන් නැමැති සැකකාර චීන ජාතිකයා ලංකාවේ හිර ගෙවල්වල සිටීමට තමන්ට නොහැකි බවත් තම රටට ඉක්මනින් යාමට අවශ්‍ය බවත් කියා තිබේ.
මෙම සැකකරු ගිල දමා තිබුනේ ව්‍යාජ දියමන්තියක් බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය අධිකරණයට දන්වා තිබිනි.