මාලනීගේ ඉල්ලා අස්වීම ජනපති බාර නොගනී.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීධූරයෙන් ඉවත් වීමට මාලනී ෆොන්සේකා මහත්මිය ගෙන ඇති තීරණය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ප‍්‍රතික්ෂේප කළ බව ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක බන්දුල ජයසේකර මහතා පවසයි.

මාලනි ෆොන්සේකා මහත්මිය එක්සත් ජනතා නිදහස් සන්‍ධානයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයෙන් අද දහවල් ඉල්ලා අස්විය.

එම ඉල්ලා අස්වීමේ ලිපිය තමන් වෙත ද ලැබී ඇති බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ද තහවුරු කළේය.

මේ අතර උතුරු මැද හිටපු මහ ඇමතිවරයා පාර්ලිමේන්තුවට නො ඒමට තීරණය කර තිබීම මාලනී ෆොන්සේකා මහත්මියගේ ඉල්ලා අස්වීම බාර නොගැනීමට හේතු වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාත්, ඔහුගේ සමීපතම සගයා වන උතුරු මැද පළාත් සභා මන්ත්‍රී ජනක මහේන්ද්‍ර මහතාට අද පෙරවරුවේ පැවති දිවුරුම්දීමේ උත්සවය ද වර්ජනය කර තිබිණ.

උතුරු මැද හිටපු මහ ඇමති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාදීම සදහා, ඔහුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගැනීමට මාලනී ෆොන්සේකා මහත්මියට මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති කාර්යාලයෙන් ඊයේ ඇයට දැනුම්දී තිබිණ.

Gossip Lanka Hot News Previous News Archive