බම්බලපිටිය මුහුදු තීරයේ ගල්පරයක සිරවී තිබී මිය ගිය ගුවන් හමුදා නිලධාරියෙකුගේ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබේ. රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනියුක්තව සේවය කළ නිලධාරියෙකු මෙලෙස මියගොස් ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ඒකකය පවසයි. මොහු පෙරේදා (02) දහවල් ගුවන් හමුදා කඳවුරෙන් පිටතට ගොස් ඇති අතර ඉන් පසු නැවත සේවයට වාර්තා කර නැහැ.
මේ වන විට අදාළ හමුදා නිලධාරියාගේ සිරුර ගොඩ ගැනීමේ කටයුතු ආරම්භ කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ සාමාජිකයින් දැනුවත් කිරීමට ද කටයුතු යොදා ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ඒකකය පවසයි. මොහු මුහුදේ නෑමට ගොස් අනතුරට මුහුණ පෑවාද එසේත් නැති නම් වෙනත් හේතුවක් මත මිය ගියා ද යන්න පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ඒකකය පවසයි.