එජාපය හැටහය සමරයි සජිත් - කරු නෑ, දයාසිරි එයි

එක්සත් ජාතික පක්ෂයට වසර 66ක් ගතවීම නිමිත්තෙන් විශේෂ සැමරුමක් පිටකෝට්ටේ පිහිටි පක්ෂ මූලස්ථානයේ දී අද පැවැත්විණි. විපක්ෂ නායක
 හා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ආරාධිතයා විය. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සහ කාරුජයසූරිය මහත්වරු පැමිණ නොසිටියහ. මන්ත්‍රී දයාසිරි ජයසේකර පැමිණ පසුපෙළ මන්ත්‍රීන් අතර සිටියේය. ප්‍රතිසංස්කරණය කළ සිරිකොත මන්දිරය ද විවෘත කැරිණි. පක්ෂය වෙනුවෙන් කැපවුණු සාමාජික සමාජිකාවන් හට පදක්කම් හා සහතික පිරිනැමුණු අතර පක්ෂ සභාපති ගාමිණි ජයවික්‍රම පෙරේරා හා මහා ලේකම් තිස්ස අත්තනායක මහත්වරු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ද විශේෂ සම්මානයක් පිරිනැමූහ

Gossip Lanka Hot News Previous News Archive