බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම විසිහතර පැයේම ක්‍රියාත්මක කිරීමට නියෝග ලැබී ඇතත් ශ්වසන පරීක්ෂණ නළ බැලූන් ඇතුළු පහසුකම් නැති පොලිස් නිලදාරීන් කියති .මේ අතර
පොලිසිය ඉකුත් 11 දින සිට අද උදෑසන 6 දක්වා සිදුකළ මෙහෙයුමෙන් බීමත් රියැදුරන් 2048 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මේ වසරේ ජනවාරී මස 01 වැනිදා සිට මේ දක්වා සිදුව ඇති රිය අනතුරුවලින් පුද්ගලයින් 1500 දෙනෙකු පමණ මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
ඒ අනුව එදින සිට අද දක්වා සිදුව ඇති රිය අනතුරු සංඛ්‍යාව 25,000ක් පමණ වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
එමෙන්ම අනතුරුවන් පුද්ගලයින් 13,000ට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇත.
බීමතින් රිය පැදවීම අනතුරුවලට ප්‍රධාන හේතුවක් බව පොලිසිය පවසයි.
ඒ අනුව ජනවාරි මස 01 වැනිදා සිටි අද දක්වා කාලයේදී බීමතින් රිය පැදවු පුද්ගලයින් 23,521 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන්ගෙන් 11,085 දෙනෙකුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව ද තවත් 45 දෙනෙකුගේ රියදුරු බලපත්‍රය සදහටම ද අත්හිටුවා ඇත.
මේ අතර බීමතින් රිය පදවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් මේ මස 11 වැනිදා සිට දැඩි කිරීමෙන් පසු අද දක්වා පුද්ගලයින් 2048 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර විශේෂත්වය වන්නේ ඔවුන්ගෙන් 15 දෙනෙකු මගී බස් රථ පැදවුවන් වීමය.