ගබ්සා මධ්‍යස්ථානයක් වැටලේ ගබ්සාවකට 18,000ක් පවත්වාගෙන ගියේ තේ පැන්හලක බිල් ලියන්නෙක්

කෑගල්ල අලපලාවල ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය ගබ්සා මධ්‍යස්ථානයක් වැටලූ කෑගල්ල පොලිසිය එහි වෛද්‍යවරයා ලෙස පෙනී සිටි කෑගල්ල ප‍්‍රදේශයේ තේ පැන් හලක බිල් ලියන්නෙක් සහ ඔහුගේ තැරැව්කරුවෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. කෑගල්ල පොලිස් අධිකාරිවරයාට ලැබුණු තොරතුරක්
මත කෑගල්ල මූලස්ථාන පොලිසිය කළ වැටටීමකදී මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. එක් ගබ්සාවක් සිදුකිරීමට රුපියල් දහඅට දාහක් අය කරන බවද පොලිසිය කළ පරීක්ෂණවලදී හෙළිවී ඇත. තරුණ කාන්තා පොලිස් නිලධාරීනියක හා කොස්තාපල්වරයෙක් සූදානම් කර ඔවුන් උපාය දුතයන් වශයෙන් ගබ්සා මඨ්‍යස්ථානයට යවනු ලැබූහ. තවත් පොලිස් කණ්ඩායමක් ඔවුන් පසු පසින් ගියෝය. මෙම යුවළ මෙම ගබ්සා මධ්‍යස්ථානයට රැගෙන ගොස් ඇත්තේ තැරැුව්කරුවකු සමගය.

Gossip Lanka Hot News Previous News Archive