20-20 තරඟ පාවා දීමේ හඩ පටයේ වාර්තාව ICC යට


පසුගිය අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වුණු 20-20 තරඟ පාවා දීමේ උත්සාහයක් ලෙස සැලකෙන රහසිගත සංවාදයක් පටිගත කෙරුණු හඬ පටය පිලිබඳ පරීක්ෂණ පවත්වා එහි වාර්තාව ICC ජාත්‍යන්තර පාලක මණ්ඩලයට යොමු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

එම පරීක්ෂණයේ නිගමනය ප්‍රකාශයට පත් කිරීම හෝ නොකිරීම ICC සතු වගකීමක් බව ක්‍රිකට් ආයතනය පවසයි.
කෙසේ නමුත් මේ පිළිබඳව ජගත් පාලක මණ්ඩලයේ
ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් පැවසුවේ අදාළ චෝදනා පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පරීක්ෂණයක් පවත්වනු ඇති බවයි.

Gossip Lanka Hot News Previous News Archive