මෙවර ICC 20-20 ක්‍රිකට් තරග ටිකට් පත් එහි නියම වටිනාකම මෙන් දහගුණයකටත් වඩා වැඩි මිලකට විකුණන මහා පරිමාණ ජාවාරකම් පිළිබදව හෙළි වී ඇත.
මාලිගාවත්ත කේන්ද්‍ර කරගත් කොළඹ ප්‍රධාන පෙළේ පාතාල කල්ලියක් විසින් මෙම මාෆියාව කරගෙන යන බවත් ඔවුන් අතරමැදි කොමිස් මුදලක් තබාගෙන පාතාල සාමාජිකයන්, ත්‍රීරෝද රථ රියදුරන්, ක්‍රිකට් ආයතනයේ සේවකයන් යොදවා මෙසේ වැඩි මිලට ටිකට් විකුණන බව හෙළි වී තිබේ.
රු. 110 ක ටිකට් පතක් රු. 700 කට තම නියෝජිතයන්ට විකුණන අතර ඔවුන් ඒවා නරඹනන්නන්ට රු. 1050 කට විකුණන බව තහවුරු වී ඇත.
මීට බෙර මෙරට පැවති ලෝක කුසලාන තරගාවලියේ ද ටිකට්පත් මේ අයුරින් පාතාල කල්ලි විසින් විකුණා ඇත. මෙවරත් මාලිගාවත්ත යට කරගෙන සිටින මාමාස්මි නැමැති පාතාල නායකයාගේ කණ්ඩායම් විසින් ටිකට් ජාවාරම කරගෙන යන බව හෙළි වී ඇත.
සාමාන්‍යයෙන් නිල කවුන්ටරය හරහා ටිකට් පත් අලෙවි කරන්නේ එක් හැදුනුම්පතකට ටිකට් පත් 4 ක් බැගිනි. එහෙත් ක්‍රිකට් ආයතනයේ සේවකයන්ගේ ද සහය මෙම පාතාල ජාවාරම්කරුවන්ට ලැබෙන බව තහවුරුවන්නේ ඔවුන් ටිකට් පත් තොග වශයෙන් මිලට ගෙන තිබීම නිසාය.
මේ අතර ටිකට් පත් කවුන්ටරයකින් රු. 75000 ක් වටිනා ටිකට්පත් 103 ක් සොරකම් කරගෙන යාමට උත්සාහ කළ බ්රිතාන්යශ ජාතිකයෙක් ද ඊයේ (30) කුරුදුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.