පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවෙන් ගිලිහී යාම නිසා වේදනාවට පත් තරුණයන් දෙදෙනෙකු ගෙළ වැළලාගෙන මියගොස් ඇති බව වාර්තාවේ.
එලෙස මියගොස් තිබෙන එක් අයෙක් හැටන් කුඩාඔය ප්‍රදේශයේ පදිංචිව සිටි මහේන්ද්‍රන් සුරේන්ද්‍රන් නමැති තරුණයෙකි.
අසල්වැසි නිවසකට ගොස් රූපවාහිනියෙන් තරගය නරඹා තිබෙන ඔහු යළි සිය නිවසට පැමිණ මවට සහ සහෝදරියට නිවසෙන් පිටව යන ලෙස බලකර තිබේ.
ගෙළ වැළලාගෙන ඔහු මියගොස් තිබෙන්නේ ඉන් අනතුරුවය.
හදිසි මරණ පරීක්ෂණය අද උදෑසන සිදුකර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය නාවලපිටිය මූලික රෝහලේදී සිදුකිරීමට නියමිතය.
මේ අතර පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවෙන් ගිලිහී යාම නිසා වේදනාවට පත්ව මියගිය අනෙක් තරුණයා පාදුක්ක ප්‍රදේශයේ පදිංචි 17 වන වියේ පසු වූවෙකි.
ගාලූමුවදොර පිටියට ගොස් තරගය නරඹා ආපසු නිවසට පැමිණ රාත්‍රි ආහාරය ද ගෙන ඔහු නින්දට ගොස් ඇත.
උදෑසන වන විට ඔහු නිවස ඉදිරිපිට අඹ ගසක ගෙළ වැළලාගෙන සිටි බව වාර්තාවේ.