ක්‍රිස් ගේල්ගේ කාමරේ අස්සේ සුරූපිනියන් 3ක්


පොලීසිය එම සුරුපිනියන් 3නා අත්අඩංගුවට ගැනිමෙන් පසු ක්‍රිස් ගේල්ට මල පණියි!

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක කුසලාන T20 ක්‍රිකට් තරගාවලියට සහභාගිවෙමින් සිටින බටහිර ඉන්දියා කොදෙව් පිලේ ජනප්‍රිය පිතිකරු ක්‍රිස් ගේල් සමඟ කොළඹ හෝටල් කාමරයක රැඳී සිටි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවන් 3ක් කොල්ලුපිටිය පොලිසිය විසින් ඊයේ (03) අලුයම අත්අඩංගුවට ගැනීමත් සමඟ උණුසුම්කාරී තත්වයක්  ඇති වූ බව AFP ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.
ක්‍රීඩකයන්ගේ ආරක්‍ෂක අංශයේ ආරක්‍ෂක භටයන් විසින් එම කාන්තාවන් තිදෙනා අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්‍ෂණ සඳහා කොල්ලුපිටිය පොලිසියට බාරදී තිබේ. පසුව සුරූපිනියන් තිදෙනා ක්‍රිස් ගේල් ඇතුළු කාණ්ඩායමේ ඉල්ලිම අනුව නිදහස් කොට ඇති බවත් වාර්තාවේ.
AFP ප්‍රවෘත්ති සේවය පවසන්නේ එම බ්‍රිතාන්‍ය කාන්තාවන් තිදෙනා ගේල් සහ ඔහුගේ ක්‍රීඩක සහායකයන් වන ඇන්‍‍ඩ්‍රේරසල් ආදීන් සමඟ හෝටලයේ රැඳී සිට බවත් නමුත් කාන්තාවන් තිදෙනා ගේල් සමඟ අල්ලාප සල්ලාපයේ යෙදීමෙන් ආරක්‍ෂාවට කිසිදු තර්ජනයක් එල්ල නොවූ බවත් නම හෙළි නොකළ ආරංචි මාර්ගයක් සඳහන් කළ බවද AFP ප්‍රවෘත්ති සේවය පවසයි. එ‍හෙත් ක්‍රීඩකයකුගේ සත්කාරකයකුවීම නීතිවිරෝධී ක්‍රියාවක් නොවන බවත් එම ආරංචිමාර්ග AFP තවදුරටත් ප්‍රවෘත්ති සේවයට පවසා ඇත.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ උපදෙස් ලැබුණු පසුව ක්‍රිස් ගේල් පිළිබඳ ක්‍රියාමාර්ගයක් ගන්නා බව පොලිසිය කී බව එම ප්‍රවෘත්ති සේවයේ වැඩිදුරටත් වාර්තා කරයි.

ක්‍රිස් ගේල්ගේ ටුවිටර් පිටුවෙන් උපුටාගත් ඡායාරූප කිහිපයක් මෙතැනින්



Gossip Lanka Hot News Previous News Archive