පෘථිවියට වඩා විශාල ග්‍රහලෝක 5 ක්. වීඩියෝ ඇත


ද්විත්ව යුගල සූර්යයන් දෙදෙනකුගෙන් දීප්තිමත් වන ග්‍රහලෝකයක් සහ පෘථිවිය සූර්යයා වටා ගමන් කරන කක්ෂයෙන් ආවරණය වන කලාපයට වඩා අඩු කලාපයක පිහිටන ග්‍රහලෝක පහක් අමෙරිකානු තාරකා විද්‍යාඥයන් පිරිසක් විසින් සොයාගෙන තිබේ.
අමෙරිකාවේ ෆ්ලෝරීඩා විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාඥ රේගොසින් විසින් පසුගිය(15) දා මෙම තොරතුරු අනාවරණය කරන ලද බව යුනිවර්ස් ටුඩේ සඟරාව වාර්තා කරයි.

එක් ද්විත්ව තරු යුගලයකින් සහ තවත් ද්විත්ව තරු යුගලයකින් එනම් සූර්යයන් සිවුදෙනකුගෙන් දීප්තිමත් වන මෙම ග්‍රහලෝකය ‘ර්ථීඩ්ධ්’ ලෙස හඳුන්වා දී ඇත. ඉතාමත් ළඟින් පිහිටා ඇති මේ ම්ර්ණීධ් 500 නමැති ග්‍රහලෝක පද්ධතිය පෘථිවියට වඩා විශාලය.
මෙවැනි පිහිටීම් ඉතා විරල වන අතර එහි විශේෂත්වය වනුයේ ඉතා කුඩා ප්‍රදේශයක පෘථිවියට වඩා විශාල වූ ග්‍රහලෝක 5ක් එක ළඟින් පිහිටා තිබීමය.
මේ ග්‍රහලෝක පහ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 1100ක් දුරින් පිහිටා ඇති අතර තරු වටා ගමන් කරන කාලය එනම් පළමුවැනි ග්‍රහලෝකය සඳහා එක් දිනක්ද දෙවැනි ග්‍රහලෝකය සඳහා දින 3.1ක්ද, තුන්වැනි ග්‍රහලෝකය සඳහා දින 4.6ක්ද, සිවුවැනි ග්‍රහලෝකය සඳහා දින 7.1ක් ද, පස්වැනි ග්‍රහලෝකය සඳහා දින 9.5ක්ද ගතවේ.
එමෙන්ම මෙම ග්‍රහලෝක පහේ විශාලත්වය එනම් පළමුවැනි ග්‍රහලෝකයේ විෂ්කම්භය පෘථිවිය මෙන් 1.3ක්ද, දෙවැනි ග්‍රහලෝකය 1.4ක්ද, තුන්වැනි ග්‍රහලෝකය 1.5ක්ද, සිවුවැනි ග්‍රහලෝකය 2.4ක් සහ පස්වැනි ග්‍රහලෝකය 2.6ක්ද වන බව සඳහන් වේ.

Gossip Lanka Hot News Previous News Archive