පස් නිවුන් දරුවන්ගෙන් අයෙක් ජීවිතක්ෂයට පත්විය



මහ රෝහලේ උපත ලද පස් දරුවන්ගෙන් බාලම දරුවා ඊයේ (17) සවස මියගිය බව
 එම රෝහලේ අධ්‍යක්ෂ ඩබ්.ජී.ඒ. දිසානායක මහතා පවසයි. මෙම බිළිඳා පස් දරු උපතේ අවසන් උපත බවත්, දරුවා ඉපදෙන අවස්ථාවේ බර ග්‍රෑම් 535 ක් බවත් අධ්‍යක්ෂවරයා පවසයි.
 ඊයේ සවස මියගිය මෙම දරුවාගේ මරණය පිළිඹඳ තොරතුරු ජනමාධ්‍යයට අනාවරණය කරන ලද්දේ අද පස්වරුවේ ය.
 දරුවන්ගේ මව නිරෝගි සුවයෙන් රෝහලේ පසුවන බව වැඩිදුරටත් පැවසේ.
ගයා වන්නිආරච්චි 

Gossip Lanka Hot News Previous News Archive