ලංකාවේ කාන්තාවන් 5 දෙනෙක් දිනකට දූෂණයට ලක්වේ

ලෝක කාන්තා ජනගහනයෙන් බිලියන 1 ක්‌ දිනපතා හිංසනයට ගොදුරු වන අතර ශ්‍රී ලංකාවේ දිනකට අවම වශයෙන් කාන්තාවන් 5 දෙනෙක්‌ දූෂණයට ලක්‌වන බව සමීක්‍ෂණයකින් හෙළිවී ඇත.

ජාත්‍යන්තර කාන්තා සංවිධාන සහ ශ්‍රී ලංකාවේ ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය මගින් සිදුකර ඇති සමීක්‍ෂණවලින් මෙම කරුණු අනාවරණය වී ඇති බව ‘වෙනසක්‌ සඳහා පිරිමි අපි’ කාන්තා හිංසනයට එරෙහි පිරිමි ජාතික ව්‍යාපාරය පවසයි.කාන්තාවන් මරණයට පත් කිරීම්, අපයෝජනය කිරීම්, ගෘහස්‌ථ හිංසනය ඇතුළු කාන්තාවන් කෙරෙහි අහිතකර සමාජයීය බලපෑම් සියල්ල දිනෙන් දින ඉහළ යයි
.

එබැවින් කාන්තාවන් කෙරෙහි වැඩිම බලපෑම් එල්ල කරන්නා වූ පිරිමින් ඒකරාශි කොට කාන්තාවන් රැකගැනීම උදෙසා පෙළගැස්‌වීම අරමුණු කොට ගනිමින් ෆස්‌ඩ් ආයතනය ආරම්භ කළ බවත්, එහි දිස්‌ත්‍රික්‌ කමිටු සකස්‌ කරමින් දීපව්‍යාප්තව කාන්තාවන් රැකගැනීමේ ව්‍යාපෘතියක තම ආයතනය නිරත වන බවත් එම ව්‍යාපාරය පවසයි.

Gossip Lanka Hot News Previous News Archive