Pages

අද මැදියම සිට පිටි මිල ඉහලට පාන් මිල රු 60 /-? Flour prices increased by Rs.4-6


තිරිගු පිටි මිල ඉහළ දැමීමත් සමගින් පාන් ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ දැමීමට සිදුවනු ඇතයි බේකරි හිමියන්ගේ සංගමය ප‍්‍රකාශ කරයි. ඒ අනුව පාන් මිල රුපියල් හැටක් දක්වා ඉහළ දැමීමට සිදුවනු ඇතැයිද ඔවුන් සදහන් කරයි.
පාන් මිල ඉහළ දැමීමේ තීරණය මේ වන තෙක් ගෙන නොමැති බවත් එය ඉදිරි දින කිහිපය තුළදී ගැනීමට සිදුවනු ඇති බවත් එම සංගමය සදහන් කරයි.

තිරිගු පිටි කිලෝව මිල රුපියල් හතරකින් ඉහළ දැමීමට තිරිගු පිටි නිශ්පාදන සමාගම් අද සවස තීරණය කළේය. ඒ අනුව අද (26) මධ්‍යම රාත‍්‍රියේ සිට පිටි මිල ඉහළ යන අතර සෙරන්ඩිබ් සමාගම තිරිගුපිටි කිලෝවක මිල රුපියල් හතරකින්ද ප‍්‍රීමා සමාගම තිරිගු පිටි කිලෝවක මිල රුපියල් හයකින් ඉහළ දමා ඇත.
නව මිල වැඩිකිරීම අනුව සෙරන්ඩිබ් සමාගම විසින් අලෙවි කරනු ලබන තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 98ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙම පිටි මිල වැඩි කිරීම සදහා පාරිභෝගික අධිකාරියේ අවසරයක් ලබාගෙන නැතැයි එහි ප‍්‍රකාශකයෙක් පැවසීය. මෙම සමාගම් අයෝජන මණ්ඩලය සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම් අනුව ඔවුන් මිල ඉහළ දැමීම් කරන බව එම ප‍්‍රකාශකයා සදහන් කළේය.