දියණිය දූෂණය කළ පියාට වසර 66ක සිරදඩුවම්

දියණිය දූෂණය කළ බවටත්, දියණිය බරපතල අපයෝජනයට ලක් කළ බවටත්, අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටි පියෙකු එම චෝදනාවන්ට වරද පිළිගැනීමෙන් අනතුරුව ඔහුට 66 වසරක බරපතල වැඩ සහිතව සිර දඩුවමක් උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරුසුනන්ද කුමාර රත්නායක මහතා විසින් ඊයේ 16 නියම කළේය.


දඩුවමට අමතරව ඔහුට එදිරිව තිබූ චෝදනා 06 ට රුපියල් 150,000 ක දඩ මුදලකුත් වින්ධිත දියණියට රුපියල් දෙලක්‍ෂයක වින්දි මුද‍ලකුත් ගෙවන ලෙස විනිසුරු වරයා නියෝග කළේය. එම දඩ මුදල් සහ වන්දි නොගෙවන්නේ නම් තවත් මාස 33 ක ලිහිල් සිරදඩුවමක් ද විනිසුරුවරයා විත්තිකරුට නියම කළේය. මොහුට විරුද්ධව අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා 06 ක් විභාගයට ගැනුණු අතර, ඔහු එම සියලු චෝදනාවන් වලට වරදකරු බවට අධිකරණය හමුවේ පිළිගත්තේය. ඒ අනුව දියණිය දූෂණය කිරීමේ සිද්ධියට වසර 36 ක බරපතල වැඩ සහිත සිරදඩුවමකුත් අපයෝජනය කිරීමේ සිද්ධියට වසර 30 ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණි. සිර දඩුවම් නියම වූ විත්තිකරු සිය වැඩිමහල් දියණිය ද දූෂණය කිරීම සම්බන්ධයෙන් වරද කරු වි දැනට වසර 18 ක බරපතල වැඩ සහිත සිර දඩුවම් ගෙවමින් සිටින අයෙකි. 2005 වර්ෂයේ සැප්තැම්බර් 09 වන දිනත්, 2006 වර්ෂයේ සැප්තැම්බර් මස 09 වන දිනත්, 2006 නොවැම්බර් මස 06 වන දිනත්, අතර කාලය තුළ දී බාලවයස්කාර දැරියක් වූ දියණියට බරපතල ලිංගික අපයෝජන සිදු කළ බවටත්, ඇය දූෂණය කළ බවටත් නීතිපති වරයා විසින් විත්තිකරුට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබුණි. දඩ වන්දි මුදල් හා සිර දඩුවම් නියම වූයේ යාපනය හංදිය අනුරාධපුර ලිපිනයේ පදිංචි අයෙකුටය.

Gossip Lanka Hot News Previous News Archive