මධ්‍යම පළාත් විගණන අධිකාරි ලලිත් අඹන්වල මහතාට ඇසිඞ් ගැසීමේ සිද්ධියට වරදකරුවන් වූ හත් දෙනාට මහනුවර මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සිර දඬුවම්, වන්දි හා දඩ නියම කළේය.
හිටපු අධ්‍යාපන අධ්යක්ෂ ආනන්ද මුණවීර, ප්‍රධාන ගණනාධිකාරී ආනන්ද වීරසිංහට බරපතල වැඩ සහිතව දස වසරක සිර දඬුවම් ද, රුපියල් දෙලක්ෂය බැගින් දඩ ද නියම විය.
ව්‍යාපාරික මොහොමඞ් රාසික් මොහොමඞ් රියාස්, හුසේන් සෙයියදු මොහොමඞ් සාපි, ඔමාර් ලෙබ්බේ මරික්කාර් මොහොමඞ් නව්පර්, එම්.ජේ. මොහොමඞ් රිපාල්, ඉස්රූම්
රාමන් හා මොහොමඞ් හනිපා මොහොමඞ් ඉමිටියාස්ට චෝදනා තුනකට බරපතල වැඩ සහිතව විසි වසර බැගින් වසර හැටක සිර දඬුවම් එක විට ගෙවී යන සේ නියම කරන බව එම විනිසුරු කීවේය.
ඒ අනුව සිර දඬුවම විසි වසරකි. එක් චෝදනාවකට රුපියල් දෙලක්ෂය බැගින් ඔවුන්ට දඩ ද නියම විය. 2002 පෙබරවාරි 1 හා මැයි 20 අතර කාලයේ දිනක අස්ගිරියේදී ඇසිඞ් ගැසූ තෙවැනි විත්තිකාර මොහොමඞ් රාපික් මොහොමඞ් අඹන්වල මහතාට රුපියල් ලක්ෂ 50ක වන්දි ගෙවිය යුතු යැයිද වන්දිය නොගෙවන්නේ නම් තවත් වසර තුනක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කරන්නේ යැයි ද විනිසුරු ප්‍රකාශ කළේය.