කොම්පඤ්ඤවීදීයෙන් අක්කර 8 ක් ප්‍රමාණයක් ඉන්දියාවට බදු දෙයි


කොම්පඤ්ඤ වීදියයෙන් කොටසක් සංවර්ධන ව්‍යාපෘතියකට,  අක්කර 8 ක් ප්‍රමාණයක් ඉන්දියාවට වසර 99 කට බදු දීමට ඊයේ කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මේ සඳහා සඳහා කොම්පඤ්ඤ වීදියෙන් උතුරට පැරණි අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉඩම්ද, නැගෙනහිරට මැලේ වීදියද, දකුණෙන් ජස්ටිස් අක්බාර් මාවතද, බටහිරින් දුම්රිය මාර්ගයද,
වශයෙන් වූ අක්කර අටක ප්‍රමාණය ක් නාගරික සංවර්ධන අමාත්‍යාංශය වෙත පවරා ගෙන පසුව ඉන්දියාවට ලබා දෙයි.

මෙහි දැනට ජීවත් වන පවුල් 456 කට තම පැරණි ඉඩම් අහිමි වී යන අතර ඔවුනට වර්ග අඩි 400 ක තට්ටු නිවාසයක් ලබා දෙන බව ව්‍යාපෘති හිමියෝ පොරොන්දු වී ඇත.
මෙය මිලදී ගන්නේ ඉන්දියාවේ ටාටා හවුසින් ඩිවෙලොප්මන්ට් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් සහ එහි කොටස්කරු වන එස්.ජී. 18 ඇඩ්වයිසර්ස් ඇන්ඩ් කන්සල්ටන්ට් ප්‍රයිවට් ලිමිටඩ් නමැති සමාගම් ය.
මෙහි සියළු පහසුකම්වලින් සමන්විත වාණිජ සහ සුපිරි නිවාස සහිත බහු මහල් ගොඩනැගිලි සංකීර්ණයක් ඉදි කරන අතර කොම්පැනිය විසින් තම වාණිජ ආයෝජන ආරම්භ කිරීමට පෙරාතුව නිවාස අහිමි වන අයට මහල් නිවාස සාදා දෙනවා යැයි පොරොන්දු වී තිබේ.

Gossip Lanka Hot News Previous News Archive