මහේල ජයවර්ධනගේ නායකත්වය යටතේ උප නායකයා ලෙස නායක්තවය පිළිබඳව ප්‍රගුණ කිරීමට අවස්ථාව ලැබීම නිසා තමන් මේ වන විට නායක්තවයේ වගකීම දැරීමට අත්දැකීම් ලබාගෙන සිටින බව ශ්‍රී ලංකා විස්සයි20 පිලේ නව නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.
සංචාරක නවසීලන්ත පිලට එරෙහිව මේ මස 30 වැනිදා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන විස්සයි20 තරගයෙන් ආරම්භ වන සති පහකට ආසන්න තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද (26 වැනිදා) පස්වරුවේ කොළඹදී පැවැති
මාධ්‍ය හමුවේදී එක්දින සහ ටෙස්ට් කණ්ඩායම්වල උප නායකයා ද වන ඇන්ජලෝ මැතිව්ස් මෙසේ ද පැවසීය.
‘‘මහේල ජයවර්ධන යටතේ උප නායකයා ලෙස කටයුතු කරමින් නායකත්වය ඉගෙනගැනීමට අවස්ථාව ලැබුණා. ඒ වගේම මම තරග කීපයකදී නායකයා ලෙස කටයුතු කර තිබෙනවා.
මහේල සහ මාලිංග විස්සයි20 තරගයේදී විවේක ගත්ත ද තරගයක් ජය ගැනීමට හැකි කණ්ඩායමක් ලැබී තිබෙනවා’’