පැහැරගත් යාත්‍රාවෙන් ඕස්ට්‍රේලියාවට ගිය සංක්‍රමණිකයන් කියයි
අපි යාත්‍රාව පැහැරගත් අවස්ථාවේදී ඒකෙ හිටපු ධීවරයෝ අපිව ඕස්ට්‍රේලියාවට අරගෙන යන එකට විරුද්ධ වුණා. ඒ නිසා එක් කෙනකුව කපල මුහුදට දැම්මා.
තව කෙනෙක් ඒ එක්කම මුහුදට පැන්නා. ඒ වෙලාවේ අනිත් අය කෑ ගහන්න ගත්තා. ඒ කෑගැහිල්ලට මුහුදේ ඈතින් තිබ්බ ධීවර බෝට්ටුවල ලයිට් අපේ පැත්තට ඇල්ලුවා. වැඩේ අවුල් වෙයි කියල හිතල අනිත් ධීවරයන් තුන් දෙනාටත් මුහුදට පනින්න කිව්වා. හැබැයි පැන්නෙ දෙන්නයි. ඒ නිසා පැන්නෙ නැති කෙනාට පිහි පහරවල් දෙක තුනක් ඇනලා මුහුදට විසිකළා. මසුන් මැරීමට තංගල්ල කුඩා වැල්ලෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් ඕස්ට්‍රේලියාව බලා ගමන් කිරීමට අනවසර සංක්‍රමණිකයන් පිරිසක් විසින් පැහැර ගැනීමත් සමග එහි සිටි ධීවරයන්ට සිදු වූයේ කුමක්දැයි මෙසේ හෙළි කරනුයේ එම යාත්‍රාවේ නැගී ඕස්ට්‍රේලියාවට ගිය අනවසර සංක්‍රමණිකයන්ය. මෙරට රජය විසින් කළ දැනුම්දීමකට අනුව එම යාත්‍රාව සමග එහි ගිය පිරිස ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් එරට බලධාරීන් ඔවුන්ගෙන් 14 දෙනකු මෙරටට ඉකුත් 27 වෙනිදා පිටුවහල් කර එවන ලදී. යාත්‍රාවක් පැහැර ගෙන ඕස්ට්‍රේලියාවට ගිය ගමන සංවිධානය කළ බවට හඳුනාගෙන සිටින ප්‍රධාන පුද්ගලයා වන නිහාල් එදිරිවීර නැමැත්තාව ඕස්ට්‍රේලියා පෙඩරල් පොලීසිය විසින් රඳවාගෙන පරීක්ෂණ පවත්වන බව සඳහන්ය. මෙරටට පිටුවහල් කර එවන ලද 14 දෙනා අතර අඹු සැමි යුවළක් සහ දරුවන් තිදෙනෙක්ද සිටිති.
එම සැමියා මෙයට පෙරද යාත්‍රාවක නැගී ඕස්ට්‍රේලියාවට ගොස් ඇති අයෙකි. ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපතේ කාලයක් සිට ඇති ඔහුව එරටින් පිටුවහල් කළ පසු නැවත සිය අඹුදරුවන්ද සමග සංවිධාන ගතව මෙවර ඕස්ට්‍රේලියාවට ගොස් ඇතැයි පොලීසිය පවසයි. ඔහු අජිත් නිශාන්ත නැමැත්තෙකි. මෙම යාත්‍රා පැහැර ගැනීමට යාත්‍රාවේ කාර්ය මණ්ඩලයේ සිටි ස්කීපර්ද සම්බන්ධව ඇතැයි පොලීසිය කියයි. අජිත් කුමාර නොහොත් චණ්ඩි නැමැති ඔහුවද මෙරටට පිටුවහල් කර එවා ඇති අය අතර සිටියි. ඉකුත් 14 වෙනිදා රාත්‍රියේ ධීවර යාත්‍රාව පැහැර ගෙන තිබුණු අතර ඊට එරෙහිවුණ සුරංග සංජීව නැමැති යාත්‍රාවේ සිටි ධීවරයාව කපා කොටා ගැට ගසා මුහුදට විසිකර තිබිණි. ඒත් සමගම එම ධීවරයාගේ ඥාතියෙක් වූ රොෂාන් සුරනාත් නැමැති ධීවරයාද ජීවිතාරක්ෂාව පතා මුහුදට පැන තිබිණි. එම ධීවරයන් දෙදෙනා පැය හත අටක්ම මුහුදේ පාවෙමින් සිටියදී වෙළෙඳ නෞකා දෙකකින් ඔවුන්ව බේරාගෙන මෙරට නාවික හමුදාවට ගුවන් තරංග පණිවුඩයක් මගින් ඒ ගැන දැනුම්දී නාවික හමුදා යාත්‍රාවක් කැඳවා ඔවුන්ව නාවික හමුදාවට බාර දී තිබිණි. ධීවර යාත්‍රා පැහැර ගැනීමත් පැහැර ගත් යාත්‍රාව ඕස්ට්‍රේලියාව බලා යාත්‍රා කර ඇති බවත් හෙළිවන්නේ එහිදීය.
යාත්‍රාවේ සිටි අජිත් කුමාර නැමැති ස්කීපර්ද යාත්‍රාව පැහැර ගත් අය සමග එක්ව සිටි බව දිවි බේරාගත් ධීරවයන් පැවැසූ බැවින් සෙසු ධීවරයන් තිදෙනාට කුමක් සිදුවී දැයි මතෛක් පැවැතියේ ගැටලුවකි. ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කළ යාත්‍රාව පැහැර ගත් පිරිස පවසන ආකාරයට අනුව සෙසු තිදෙනාගෙන් මුහුදට පැන ඇත්තේ ප්‍රියන්ත ඉන්ද්‍රජිත් සහ දුලාන් චතුරංග යන ධීවරයන් දෙදෙනාය. කපා කොටා මුහුදට විසි කර ඇත්තේ කේ. එච්. සමන් නැමැති ධීවරයාය. යාත්‍රාව පැහැර ගැනීමෙන් අනතුරුව යාත්‍රාව පැහැර ගත් පුද්ගලයන්ට මත්පැන් බිමට කට ගැස්ම පවා සකස් කර දී තිබුණේ සමන් නැමැති ධීවරයාය. ඔහු මුහුදට පැනීම ප්‍රතික්‍ෂේප කිරීම නිසා කපා කොටා මුහුදට විසිකර ඇතැයි හෙළි වී තිබේ. එම ධීවරයන් තිදෙනා දියේ ගිලී මිය ගියේද නැතිනම් වෙනත් යාත්‍රාවක් මගින් බේරාගෙන තිබේද යන්න ගැටලු සහගත බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. තංගල්ල කුඩාවැල්ල වරායෙන් මුහුදු ගිය තේජාන් බහුදින යාත්‍රාවේ සිටි ධීවරයන් පස් දෙනෙකුට අමානුෂික ලෙස වද හිංසා කර ඕස්ට්‍රේලියාව බලා ගිය පුද්ගලයන් 14 දෙනකු ඊයේ (29) තංගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් යුරේකා තුලානි ද සිල්වා මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් 01 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය. පිරිසෙන් අට දෙනෙකු පළමුවෙනි හදුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මැරෙන්න යන ඕස්ට්‍රේලියා ගමනේ දුක හිතෙන ඇත්ත
නිර්වස්‌තරව සිටියානම් මේ තරම් ලඡ්ජාවක් නැත. රටේ මිනිස්‌සු දුප්පත් බව සැබෑය. යුද්දයක් තිබූ නිසා මානව හිමිකම් ගැන සුද්දන් කියන පරිසාධන මට්‌ටම් නොතිබුනා නම් එයත් පිළිගත හැකිය. විනයක් නැති මිනිස්‌සු රට ඇතුළේ ඉඳගෙන පිස්‌සු කෙළිනාවිට එය රටේ ප්‍රශ්නයකි. එහෙත් එවැනි විනයක් ලෝක නීතිය ගැන අබමල් රේණුවක තැකීමක් නැති මිනිස්‌සු බෝට්‌ටුවල නැගී හි`ගන්නන් මෙන් ලෝකයේ වෙනත් රටවල්වලට යන්නට පටන්ගත් විට, රටේ වගකිවයුතු කොටස්‌ද එක්‌ව ඒ නින්දිත ජාවාරමෙන් මුදල් උපයන්නට වූ විට එය ලෝකයට ප්‍රශ්නයකි. දැන් අප සිටින්නේ එවැනි ප්‍රශ්නයක තීරණාත්මක කඩඉමකය.
මාළු බෝට්‌ටුවල නැගීs, මාළු අහුරන ටැංකි තුළ පැක් වී අපේ රටේ මිනිස්‌සු පහුගිය කාලය තුළ ඕස්ට්‍රේලියාවට යන්න පටන් ගෙන තිබුණේ ගමේ යන්නාක් මෙනි. එක් අයෙකුගෙන් ලක්‌ෂ දහය බැගින් මුදල් ගෙන කරගෙන ගිය මේ ජාවාරම තීරණාත්මකව මතුව ආවේ යුද්ධයෙන් අනතුරුවය. රටේ ආරක්‌ෂක අංශ වලටද වගේ වගක් තිබුණේ නැත. මේ උදවියගේත් හොද්ද බොරවෙන ව්‍යාපාරයක්‌දැයි හිතෙන තරමට මේ කටයුතු නිදහසේ සිදුවන්නට ඉඩහැර තිබුණේය. එය කොතෙක්‌ද යත් මේ වසරේ ජනවාරියේ සිට මේ දක්‌වා මිනිස් ජාවාරම උතුරු නැගෙනහිර පළාත්වල ගෘහ කර්මාන්තයක් තරමටම සුලබ වූයේය. විශේෂයෙන්ම උතුරු පලාතේ නැවත පදිංචිකරවීම් නිසි ප්‍රමිතියකට සිදුනොවී මිනිස්‌සුන්ගේ ධරිද්‍රතාව වැඩිවන විට, පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයින්ට සමාජයේ නියමිත ස්‌ථානයක් නොමැතිවිට ප්‍රධානකොටම ඔවුන් ඉලක්‌ක කරගෙන මේ ජාවාරම දියත්වී තිබිණි.
එහෙත් මේ ඕස්ට්‍රේලියා ගමන මහා කාලකණ්‌ණි ගමනක් වූයේය. අපේ මිනිස් ජාවාරම්කරුවෝ මිනිස්‌සු කුඩා බෝට්‌ටුවල නග්ගාගෙන මහ මුහුදේ සති ගණන් චාටර් කරමින් රැගෙනගියේ ඉන්දියන් සාගරයේ පිහිටි ක්‍රිස්‌මස් දූපතට හෝ කොකෝස් දූපත් වලටය. මේ දූපත් දෙකම අයත් වන්නේ ඕස්ට්‍රේලියාවටය. දැන් වැඩිවශයෙන්ම කතාවට ලක්‌වනා ක්‍රිස්‌මස් දූපත පිහිටා තියෙන්නේ අග්නිදිග ආසියානු කලාපයේ ඉන්දුනීසියාවට දකුණෙනි. කොකෝස් දූපත් පිහිටා තිබෙන්නේ ගිනිකොණදිග ආසියානු කලාපයේ ඉන්දුනීසියානු දූපත්වලට ආසන්නව ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතරය. කොකෝස් දූපත්වලට යන ලාංකිකයින් ඇතුළුව මේ ප්‍රදේශයෙන් ඕස්ට්‍රේලියාවට ඇතුළුවීමට උත්සාහ කරනා ඕනෑම සංක්‍රමණික කණ්‌ඩායමක් රැගෙන යන්නේ ක්‍රිස්‌මස් දූපත වෙතය. ක්‍රිස්‌මස් දූපතේ සිට ඕස්ට්‍රේලියානු භූමියේ ආසන්නම ස්‌ථානය පිහිටා තිබෙන්නේ කිලෝමීටර දෙදහසකට වැඩි දුරිනි. මේ දුපත වෙනුවෙන් වෙනම විදේශ ගමන් බලපත්‍රයක්‌ද තිබේ.
ක්‍රිස්‌මස් දූපතේ සරණාගත කඳවුරු
ක්‍රිස්‌මස් දූපතේ සරණාගත කඳවුරු පහකි. මේ භූමියට ගොඩබසිනා ඕනෑම සරණාගතයෙක් මුලින්ම රඳවන්නේ මේ කඳවුරු වලය. ලක්‌ෂ ගණන් වියදම් කර ජීවිතයත් මරණයත් අතර සටනකින් පසු අප්‍රමාණ දුක් වි`දිමින් එන උදවිය ඉන් අනතුරුව ජීවත් වියයුත්තේ මේ කඳවුරු වලය.
ක්‍රිස්‌මස් දූපතේ ප්‍රධානම සරණාගත කඳවුර පිහිටා තිබෙන්නේ දූපතේ ප්‍රධාන ජනාවාසයට කිලෝමීටර 17ක් දුරිනි. මෙම රැඳවුම් කඳවුර ආරම්භ වන්නේ 2008 දීය. එහි රැඳවුම් ධාරිතාව හාරසියයක් පමණය. ඉතාම හදිසි අවස්‌ථාවක මෙම කඳවුරේ අටසියයක් පමණ රඳවා තබාගත හැකිය. නමුත් මේ වනවිට එම රැඳවුම් කඳවුරේ රඳවා ඇති ප්‍රමාණය සරණාගතයන් 1116 කි. පසුගිය දෙසතිය තුළ එම කඳවුර වෙත දෙදසකට ආසන්න ප්‍රමාණයක් එවා තිබුණ බව ඒජන්සි පුවත් වාර්තා කළේය. පොස්‌ෙෆට් හිල් නැමැති කඳවුරක් ප්‍රධාන ජනාවාසයෙන් කිලෝ මීටර පහක් පමණ නුදුරින් වේ. එහි රැඳවුම් ධාරිතාව 96 කි. නමුත් මේ වනවිට තුන්සිය දහඅටක් එම කඳවුරේ ජීවත්වෙති. පොස්‌ෙෆට් හිල් කඳවුරට නුදුරින් තවත් කුඩා කඳවුරක් පිහිටා තිබේ. එහි උපරිම රැඳවුම් ධාරිතාව දෙසීයකි. දැනට එහි තුන්සිය දහදෙනෙක් සිටිති. ඇක්‌වා නමින් අනෙක් කඳවුර වේ. එහි උපරිමය ජීවත්විය හැක්‌කේ දෙසීයකට පමණය. එහෙත් මේ වනවිට එම කඳවුරත් රැඳවියන් තුන්සිය අසූවක් රඳවා තබාගෙනය. ලයිලැක් නමින් නම්කළ තවත් කුඩා කඳවුරක එකසිය පනස් දෙනෙක් රඳවා තිබේ.
ඕස්ට්‍රේලියානු ආගමන දෙපාර්තමේන්තුවේ නිර්දේශයන්ට අනුව බොහෝ සිද්ධිවල මූලික පරීක්‌ෂණ සඳහා ගතවන්නේ දින අනූවක් පමණි. එහෙත් මේ කඳවුරු වල පන්සියයකට ආසන්න ඇතැම් රැඳවියෝ වසර දෙකකටත් අධික කාලයක් රඳවාගෙන සිටිති. රැඳවුම් කඳවුරු වල ජීවත්වන්නන් අතරින් හරි අඩක් වසරකට ආසන්න කාලයක් රඳවාගෙන සිටින්නන්ය. තවත් පිරිසක් සරණාගයින් ලෙස හ`දුනාගෙන තිබුණද ඔවුන්ට විශේෂ ආරක්‌ෂක අනුමැතිය නොමැති නිසා මුදා හරින්නේ නැත.
බලාපොරොත්තු කඩවීම්, අපේක්‌ෂා භංගත්වය සමග කඳවුරු ඇති අධික තදබදය ඔවුන් පත්කර ඇති තත්ත්වය ඉතා දුක්‌බර බව නැෂනල් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබුණේය. මේ සමගම මේ කඳවුරු ආශ්‍රිතව දැඩි කලබලකාරී තත්ත්වයක්‌ද පසුගිය මාස කීපය තුළ වාර්තා වූයේය. අයිතීන් ඉල්ලා උපවාස කිරීම්, සියදිවි හානි කරගැනීමට තැත් කිරීම් ඇතුළුව තමන්ටම හානි කරගැනීමට උත්සාහ කිරීම් පිළිබඳ වාර්තාවන් එන්න එන්නම වැඩි වී තිබිණි. ඕස්ට්‍රේලියානු භූමියට ඉතා දුරින් පිහිටි ක්‍රිස්‌මස් දූපතට අත්‍යාවශ්‍ය සේවා ප්‍රමාණවත් ලෙස සැපයීමට මේ අවස්‌ථාවේදී ඕස්ට්‍රේලියානු රජය අපොහොසත් වී සිටියේය. පසුගිය වසරේ ඔක්‌තොම්බරයේදී ඇම්නෙස්‌ටි ඉන්ටර් නැෂනල් ආයතනය මෙම රැඳවුම් කඳවුරු පරීක්‌ෂා කිරීමට පැමිණියේය. එහි දී රැඳවියන් පත්වී තිබූ තත්ත්වය ඔවුහු සියෑසින් දැකගත්හ. බොහෝ මිනිසුන්ගෙ මැණික්‌කටුවල තුවාල තිබිණි. තවත් පුද්ගලයින් සියදිවි හානි කරගැනීමට තැත්කර තිබිණි. ගැහැණු හා මිනිස්‌සු මිනිත්තු ගණනක් තුළ ඔවුන් ඉදිරිපිට හ`ඩා වැටුණ ආකාරය ඔවුහු වාර්තා කළහ.
අපේ උදවිය තිබෙනා සබ්බ සකලමනාවම වියදම් කරගෙන මැරෙන්න යන්නාක් සේ පැමිණෙන්නේ මේ අසිරිමත් ගමනේ මෙවැනි සිරිමත් ප්‍රතිඵල වි`දින්නටය.
රටේ වෙනත් රැඳවුම් කඳවුරුවල හැටි
ඕස්ට්‍රේලියානු රජයේ දත්ත වලටම අනුව මෙවැනි නීති විරොධී සංක්‍රමණිකයන් රඳවා තබන රැඳවුම් මධ්‍යස්‌ථාන දාහතක් දැනට එම රට තුළ ක්‍රියාත්මකය. පොළේ එන්නාක් සේ වැල නොකැඩී බෝට්‌ටු වලින පැමිණෙනා සංක්‍රමණිකයින් වෙනුවෙන් සමහර කඳවුරු නිර්මාණය වන්නේ පසුගිය මාසයකට ආසන්න කාලයේය. මේ සෑම කඳවුරක්‌ම මේ වනවිට පිරී ගොස්‌ය. උදාහරණ ලෙස උතුරු ක්‌වීන්ස්‌ලන්තයේ පිහිටි ෂෙර්ගර් නැමැති රැඳවුම් මධ්‍යස්‌ථානය තුළ රැඳවිය හැකි උපරිම රැඳවියන් ගණන දහසකි. එහි දැනට එක්‌දහස් තුන්සිය පනස් නවයක් දෙනා රඳවා සිටිති. බටහිර ඕස්ට්‍රේලියාවේ වසා දමා තිබූ කර්ටින් සෙන්ටර් නැමැති රැඳවුම් හල පසුගිය වසරේ ජූනි මස විවෘත කිරීමෙන් අනතුරුව දැනට එක්‌දහස් පන්සියයක් රඳවා තිබේ. එම කඳවුරට දරාගතහැකි ප්‍රමාණය නවසිය අසූ හතකි. දැනට මාසයකට කලින් විවෘතවූ යන්ග් හිල් රැඳවුම් කඳවුර නිර්මාණය වූයේ උපරිම තුන්සිය හැට අට දෙනෙකුටය. එහෙත් මේ වනවිට එහි රඳවාඇති සරණාගතයින්ගේ සංඛ්‍යව අටසියයකි.
අපේ හි`ගනකම
මෙය ඕස්ට්‍රේලියාවට හෙණ ගෙඩියක් පාත්වූවාක් බ`දු අත්දැකීමක් වූයේය. සරණාගතයින් ඕස්ට්‍රේලියාවට හැමකාලයකම පැමිණියෝය. පසුගිය අවුරුද්දේ සරණාගත බෝට්‌ටු 69ක් පැමිණියේය. ඉන්දුනීසියානු ඇෆගන් ජාතීන්ට අමතරව වැඩිපුරම සිටියේ ලාංකිකයන්ය. ලාංකික ද්‍රවිඩ මිනිස්‌සුන්ය. ඔවුන්ගෙන් අති බහුතරයක් පැමිණ තිබුණේ රටේ උතුරු හා නැගෙනහිර කලාප වලිනි. එහෙත් මේ අවුරුද්ද ආරම්භයේ සිට මේ වනතුරු පමණක් බෝට්‌ටු අනූ දෙකක් සරණාගතයින් රැගෙන ඕස්ට්‍රේලියාවට පැමිණියේය. ඒ බෝට්‌ටුවල හයදහස් පන්සිය හැත්තෑවක් දෙනා සරණාගතයින් ලෙස පැමිණියෝය. පසුගිය සති තුන තුළ පමණක් එක්‌දහස් දෙසීය හැත්තෑ අටදෙනෙක් බෝට්‌ටු වලින් පැමිණ තිබුණහ. මේ මිනිසුන් අතරින්ද අඩකට නොඅඩු ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයින්ය. බහුතරය උතුරු නැගෙනහිරින්ය. ද්‍රවිඩ ජාතිකයන්ය. මේ ලිපිය ලියෑවෙන්නේ බදාදා සවස් යාමයේය. බෝට්‌ටු දෙකක තවත් ශ්‍රී ලාංකික සරණාගතයින් එකසිය හැටක් ක්‍රිස්‌මස් දූපතට හා කොකෝස් දූපත් අසලට පැමිණ තිබු ආකාරය ගැන ඕස්ට්‍රේලියානු මාධ්‍යය වාර්තා කර තිබුණේය.
පසුගිය සතියේ කොකෝස් දූපත් හරහා ක්‍රිස්‌මස් දූපතේ පොස්‌පේට් හිල් කඳවුරට පැමිණි ශ්‍රී ලාංකික පාසල් සිසුවෙක් මේ ගමනේ බිහිසුණු බව විස්‌තර කර තිබුණේය. මෙම පොස්‌ෙෆට් හිල් කඳවුරේ පමණක් භාරකරුවන් නොමැති බාල වයස්‌කාර ශ්‍රී ලාංකික දරුවන් 76 ක් පමණ ජීවත්වන බව කියෑවිනි. මේ දරුවන් විසින් කියනු ලබන්නේ එක්‌තරා ආකාරයක ඛේදවාචයකි. මේ ගමන මරණය හා සමානය. ලංකාවේ වෙරළෙන් මේ බෝට්‌ටුවකට නැගගත් පසු යහතින් ක්‍රිස්‌මස් දූපත් කලාපය වෙත පැමිණෙන්නේ කී දෙනාදැයි කිසිවෙක් දන්නේ නැත. ඒ මලසිරුරු තැන්පත් වන්නේ මුහුදේය. අතරමගදී ලෙඩක් දුකක් නොවුනද පසුගිය කාලයේ ක්‍රිස්‌මස් දූපත් අසල සිදුවූ ඛේදවාචක වලින් තුන්සියයකට ආසන්න සංඛ්‍යාවක් දියේ ගිලී මරණයට පත්වූහ. ප්‍රකට සිදුවීම් දෙකකදී පසුගිය වසර තුළ පමණක් සරණාගතයෝ අනූවක් දියේ ගිලී මළහ.
ඕස්ට්‍රේලියාවට පාත්වූ හෙණගෙඩිය
ඕස්ට්‍රේලියානු මධ්‍ය වාර්තාවන්ට අනුව පසුගිය 14 වනදා සිට 24 වැනිදා දක්‌වා පමණක් ඕස්ට්‍රේලියානු ආගමන විගමන දෙපාර්තමේන්තුව ඩොලර් ලක්‌ෂ පහකට අධික මුදලක් සරණාගතයින්ගේ නඩත්තුව සඳහා වියදම් කළේය. මේ වසර තුළ පන්දහස් එකසීයයකට අධික රැඳවියන් පිරිසක් ක්‍රිස්‌මස් දූපතේ සිට වෙනත් රැඳවුම් මධ්‍යස්‌ථාන වෙත ගුවනින් ගෙනයැම සඳහා ඩොලර් මිලියන ගණනක් වැය කර තිබුණේය. මේ වියදම් වන්නේ ඕස්ට්‍රේලියාවේ බදුගෙවන මිනිස්‌සුන්ගේ මුදලය. දැන් මේ ගැටළුව ඕස්ට්‍රේලියානු රජය බලවත් ලෙස කම්පනය කර ඇති අයුරු වටහා ගතහැකිය. මේ ගැටළුව විස`දියහැකි මං සෙවීමට විද්වත් කමිටුවක් පත්කර ඇති බවත් ඉන්දුනීසියානු නාවික හමුදාව හා එක්‌ව ඒකාබද්ධ සාමුද්‍රික මුර සංචාරක සේවයක් ආරම්භකර මෙම බෝට්‌ටු ක්‍රිස්‌මස් දූපතට ඉදිරියෙන් නවත්වා ගැනීමේ වැඩපිලිවෙලක් අරඹන බවත් ඕස්ට්‍රේලියානු අගමැති ජූලියා ගිලාඩ් පසුගියදා කියා තිබිණි. ඔවුහු සරණාගයින් සඳහා වන ජාතික ප්‍රතිපත්තියේ සංශෝධනයක් සඳහා වුවද යැමට සූදානම්ව සිටිති.
දැන් බොහෝ දේ සිදුවී හමාරය. එහෙත් වත්මන් අපේ නැගෙනහිර හා උතුරු වෙරළේ සිල්ලරට මේ මිනිස් ජාවාරම සිදුවෙමින් පවතී. මේ බිහිසුණු ජාවාරම පිළිබඳ අප අනාවරණය කළ මීට දෙසතියකට පෙර සිට මේ දක්‌වා පමණක් අත්අඩංගුවට පත් ජාවාරම් කාරයින්ගේ බෝට්‌ටු ගණන දහයකට ආසන්නය. ඉන් හතක් මේ වනවිටත් ත්‍රිකුණාමලය වරාය පොලිසියේ නැංගුරම් ලා ඇත. තවද මේ තුච්ඡ ජාවාරමේ යෙදෙනා සුරේෂ් කුමාර් නැමැති, ත්‍රිකුණාමලයේ නගර හා කඩවත් ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු සමග ටී. කරිකාලන් නැමැති නීතිඥයෙක් ද, සුදාකරන් නැමැත්තෙක්‌ද අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් කලක් එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ය. එහෙත් ඔවුන් සිටියේ ප්‍රදේශයේ ප්‍රබලම දේශපාලකයින්ගේ ගරුකටයුතු මිත්‍රයින් ලෙසය.
මේ ආරම්භය පමණි. ජාතියම මහා ව්‍යසනයකට ඇද දැමූ මේ නින්දිත ජාවාරම පිළිබඳ ජාතියේ නාමයෙන් නිවැරදි පරීක්‌ෂණයක් කරනු ලැබුවහොත් නැගෙනහිර සමහර ප්‍රධානපෙළේ දේශපාලකයින්ගේත්, ආරක්‌ෂක අංශවල සමහර ලොක්‌කන්ගේත්, මහා ප්‍රභූ වරුන්ගේත් රෙදි ගැලවීයනු ඇත. අප ඉවසිල්ලෙන් බලා සිටින්නේ සිදුවන්නේ කුමක්‌ද යන්නය.