බිල්පත් ගෙවීමට හැකි ATM ජාලයක් ලගදීම


මුදල් ඇතුළු කර සිය දුරකතන බිල්පත් ඇතුළු බිල්පත් ගෙවීමට හැකි ATM ජාලයක් කොළඹදී ලබන සඳුදා විවෘත කිරීමට කටයුතු යොදා තිබේ.
මේ අනුව, කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඇතුළු සෙසු ස්ථානවල මෙවැනි ATM යන්ත්‍ර 05 ක් ස්ථාපිත කර තිබෙන අතර මෙම යන්ත්‍ර කිසිදු බැංකු ජාලයකට ඒකාබද්ධ කර නොමැත.

‘PayTM’ මුදල් ගෙවීමේ ජාලය යනුවෙන් නම්කර තිබෙන මෙම ජාලය One & Only System Pvt Ltd නැමති සමාගම පවත්වාගෙන යයි.

මෙම යන්ත්‍ර තුළට රුපියල් 10 සිට රුපියල් 5000 ක් දක්වා මුදල් ඇතුළු කර රහස් අංකයක් භාවිතා කර Dialog, SLT-Mobitel, Etisalat, Hutch සහ Airtel දුරකතන
බිල්පත් ගෙවිය හැකි බවත් මෙම මාසය අවසන් වීමට පෙර ජල හා විදුලි බිල්පත්ද ගෙවිය හැකි බවත් සඳහන්ය.
පසුකාලයේදී පොලිස් දඩ හා ගාස්තු, රක්ෂණ වාරික මුදල් ගෙවීම් මෙන්ම මුදල් තැන්පත් කිරීම්ද මෙම ජාලය හරහා කිරීමට අවස්ථාව ලබා දීමටද නියමිතය.

Gossip Lanka Hot News Previous News Archive