ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්‍ෂිකාවකගේ මළ සිරුර ඊයේ (30 දා) උදේ ඇගේ නිවස අසල පිහිටි ළිඳක තිබී හමුවී තිබේ.
වැලිපැන්න පොලිස් බලප්‍රදේශයට අයත් ඇල්ලලමුල්ල ගමේ පදිංචිව සිටි 26 හැවිරිදි ඉරෝෂා හර්ෂනී රන්දොඹේ නමැති මෙම උපාධි අපේක්‍ෂිකාව තම නිවස අසල ඇති ළිඳකට වැටී සිටින බව ඇයගේ නැන්දනිය වන කොඩිතුවක්‌කු ආරච්චිගේ පද්මා නමැත්තිය ඊයේ වැලිපැන්න පොලිසියට පැමිණිලි කර තිබේ.
මියගිය තැනැත්තිය හමුදා සේවයේ නියුතු අයකු සමඟ විවාහ වී ජීවත්ව සිට ඇති අතර සිද්ධිය වන අවස්‌ථාවේදී ඇයගේ ස්‌වාමිපුරුෂයා නිවසේ සිට නැත.
පොලිසිය ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව එහි පැමිණ ඇගේ සිරුර ගොඩගෙන වෑත්තෑව රෝහල වෙත රැගෙන යන ලද අතර ඇය ඒ වන විටත් මියගොස් සිටියාය.
මෙම උපාධි අපේක්‍ෂිකාව ළිඳට වැටී මියගියාද, සිය දිවි නසා ගත්තා ද යන්න ගැනත් අබිරහස් ලෙස ඇය වෙනයම් සිද්ධියකින් ඝාතනයට ලක්‌වීද යන්න ගැනත් වැලිපැන්න පොලිසිය පරීක්‍ෂණ පවත්වයි