ලංකාවටම තද වැසි සහ තද සුළං අකුණු වලින් පරිසම්වන්න


බෙංගාල බොක්ක ආශ‍්‍රිතව පවතින පීඩන අවපාතය හෙට දිනය වන විට ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්වීමේ අවධානමක් මතුව තිබේ. කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මේ නිසා දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට තද වැසි අපේක්ෂා කළ හැකි බවයි.
බෙංගාලබොක්‌ක ආශ්‍රිතව දැනට පවතින පීඩන අවපාතය‌ සුළි කුණාටුවක්‌ දක්‌වා වර්ධනය වීමට ඉඩ ඇති බැවින් මුහුදු ගමන් අවදානම් බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. යාපනයට කිලෝමීටර් 600 ක්‌ ඈතින් ඊයේ (28) සවස 3.00 වන විට පිහිටි එම පීඩන අවපාතය හේතුවෙන් යාපනය,
ත්‍රිකුණාමලය, මඩකලපුව ආශ්‍රිත මුහුදු ප්‍රදේශ ඉතා රළු වන අතර දිවයින වටා අනිකුත් මුහුදු ප්‍රදේශවලට ද යම් බලපෑමක්‌ ඇතිවිය හැකියි.

තද වැසි, තද සුළං, අකුණු අනතුරු මුහුදු ප්‍රදේශවලටත් රට අභ්‍යන්තරයේත් තැනින් තැන ඇතිවිය හැක. විශේෂයෙන්ම උතුර, නැගෙනහිර, උතුරුමැද හා බස්‌නාහිර කලාපවලට මෙම තත්ත්වය වැඩියෙන් බලපෑමට ඉඩ ඇත.


Gossip Lanka Hot News Previous News Archive