පිරිමි දරුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් කළ හැත්තෑහතර හැවිරිදි අයෙක් ලබන 24 වැනිදා දක්වා කොළඹ මහේස්ත‍්‍රාත්වරයා විසින් රක්ෂිත බන්ධනාගාරගත කළේය.
සැකකරු කොළඹ පෞද්ගලික හෝටලයක වේටර්වරයෙකු බවද පැවසේ.
මෙසේ අතවරයට පත්ව ඇත්තේ 15 හැවිරිදි දරුවෙකි.
සැකකරු අතවරයට පත් දරුවාගේ ඥාතියකුද වන බව පැවසෙන අතර, දරුවාට මත්පැන් හා දුම්වැටි පොවා කිහිපවරක් අතවර කර ඇති බවද වාර්තා වේ.