දියමන්තියෙන් සැදුණු ග්‍රහලෝකයක්‌ සොයා ගැනේ

පෘතුවිය මෙන් දෙගුණයක්‌ විශාල දියමන්තියෙන් සැදුණු නව ග්‍රහ ලෝකයක්‌ සොයා ගැනීමට ප්‍රංශ හා ඇමරිකානු විද්‍යාඥයෝ කණ්‌ඩායමක්‌ සමත්ව සිටිති. මෙම ග්‍රහ ලෝකය 55 කැන්ස්‌රි ඊ (Cancri  e) ලෙස නම් කර ඇත. මෙහි ජලය තිබේ යෑයි නිශ්චිතවම විශ්වාස කළ නොහැකි බව එය සොයා ගත් විද්‍යාඥයෝ පවසති. මෙම ග්‍රහ ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 2,150 ක්‌ පමණ වන බව සොයාගෙන ඇත. මෙම ග්‍රහ ලෝකයේ සිදුවූ රසායනික ක්‍රියාවක්‌ හේතුවෙන් පෘථිවිය උත්තේජනය වීම නිසා ඒ පිළිබඳ සොයා බැලීමේදී 55 කැන්ස්‌රි ඊ ග්‍රහ ලෝකය පිළිබඳ සොයා ගැනීමට හැකිවී ඇත.

කටක තාරකා රාශියේ පිහිටා ඇති මෙම ග්‍රහලොව පෘතුවියේ අරය මෙන් දෙගුණයක් විශාලය. බරින් පෘතුවිය මෙන් අට ගුණයකි. පෘතුවියට ආලෝක වර්ෂ 40ක් පමණ ඈතින් පිහිටා තිබේ.

55 Cancrie e ලෙස නම් කර ඇති එය දියමන්ති වලින් හා ග්‍රෆයිට් වලින් නිර්මානය වී ඇති අතර එහි ප්‍රමාණයෙන් තුනෙන් පංගුවක් හෙවත් පෘතුවියේ බර මෙන් දෙගුණ්යක ප්‍රමාණයක් දියමන්ති තිබෙන බවටයි විශ්වාස කෙරෙන්නේ.

ඉතා වේගයෙන් එය අයත් සූර්යයා වටා ගමන් කරන නිසා එහි වසරක් පෘතුවියේ දින 18කට සමානය. උෂ්ණත්වය සෙල්සියස් අංශක 2,150ක් පමණ බව පැවසේ.

ග්‍රහලොව කටක රාශියේ දර්ශනය වන්නේ පහත ස්ථානයේය.




මෙය සොයාගත් පලමු දියමන්ති ග්‍රහලොව නොවේ. මීට පෙර පසුගිය වසරේ ඕස්ට්‍රේලියානු තාරකා විද්‍යාඥයින් පිරිසක් විසින් සම්පූර්ණයෙන්ම දියමන්තියෙන් නිර්මාණය වූ ග්‍රහලොවක් සොයාගන තිබූණා.

අපගේ මන්දාකිනියේ පිහිටා තිබෙන එහි ව්ශ්කම්භ වන්නේ සැතපුම් 40,000ක් හෙවත් පෘතුවියේ විශ්කම්භය මෙන් 5 ගුණයකි.

ආලෝක වර්ෂ 4,000ක ඈතින් පිහිටා තිබෙන, මීට පෙර සොයාගත් සම්පූර්ණයෙන්ම දියමන්ති ග්‍රහලෝකය පිළිබඳව පිළිබඳව වීඩියෝවක් පහතින්.




Gossip Lanka Hot News Previous News Archive