සැලුන් එක අස්සේ වෙන වැඩ


රූපලාවන්‍යාගාරයක්‌ සහ කොණ්‌ඩා කපන ස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් නුගේගොඩ, කට්‌ටිය හන්දිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා හා සමලිංගික මධ්‍යස්‌ථානයක්‌ වටලා නපුංසකයන් තිදෙනකු හා කාන්තාවන් දෙදෙනකු හා ආයතනයේ කළමනාකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට මිරිහාන මූලස්‌ථාන පොලිසිය පසුගිය 13 වනදා  සමත් විය.
නුගේගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක්‌ මත මෙම වැටලීම සිදුකළ බව පොලිසිය කියයි.
මෙම ව්‍යාපාරය ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු විසින් කරගෙන ගොස්‌ ඇති බවත්, ඔහු විසින්නුගේගොඩ හා ඊට ආසන්න ප්‍රදේශවල කොණ්‌ඩා කැපීම් හා රූපලාවන්‍යාගාර පවත්වාගෙන යන මුවාවෙන්
ගණිකා හා සමලිංගික මධ්‍යස්‌ථාන පවත්වාගෙන යන බවට තොරතුරු ලැබී ඇති බවත් හෙළිවිණැයි පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් පිරිස අවුරුදු 20 ත් 30 ත් අතර වයසේ පසුවන රත්නපුර, කහවත්ත, නුගේගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
අදාළ ව්‍යාපාර ස්‌ථානයේ පිටුපස සුඛෝපභෝගී කාමර තුළ මෙම ජාවාරම කරගෙන ගොස්‌ ඇතැයි හෙළිවූ බවද පොලිසිය කියයි.

Gossip Lanka Hot News Previous News Archive