හම්බන්තොට ඉදිවත්ත ප්රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලීමට හම්බන්තොට පොලිස් ස්ථානයේ නිලධාරීන් සමත් වී ඇත.
ගණිකා නිවාසය පවත්වාගෙන ගියැයි සැකකෙරෙන අයෙක් හා ගණිකා වෘත්තියේ යෙදීමේ වරදට සැකකාරියන් තිදෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු හා සැකකාරියන් ඊයේ(10) දින හම්බන්තොට මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.