මවකට පස් නිවුන් දරු උපතක්


ශ්‍රී ලංකාවේ දෙවන පස්දරු උපත
පිරිමි 3යි ගැහැනු 2යි
 කෑගල්ලේ හෙට්‌ටිමුල්ල පදිංචි ජංගම දුරකථන සමාගමක විධායක නිලධාරියකු මෙන්ම කෑගල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු ද වන ශිලන්ත විඡේපාල මහතාගේ බිරිඳ වන 29 හැවිරිදි දිලානි රසාංගි ශාමන්ති මහත්මිය සිසේරියන් සැත්කමකින් පුතුන් තිදෙනකු සමඟ දියණියන් දෙදෙනකු බිහි කළාය.



ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය කපිල ගුණවර්ධන මහතා සහ ළමා රෝග විශේෂඥ වෛද්‍ය කේ. එපිටකුඹුර මහත්මිය ප්‍රමුඛ මහනුවර ශික්‍ෂණ රෝහලේ කාර්ය මණ්‌ඩලය මෙම දරු උපත වෙනුවෙන් බොහෝ සෙයින් ඇප කැප වූ අතර තවදුරටත් ඔවුන් ඉන් මිදී නැත. රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය ඩබ්ලිව්. ජී. ඒ. දිසානායක මහතා මෙම දරු උපත පිළිබඳව "දිවයින" ට මෙසේ අදහස්‌ දැක්‌වූයේය.

"මේ මව දරුවන් නොමැතිකමට බොහෝ කලක්‌ ප්‍රතිකාර ලබාගෙන තිබුණා. මෙවැනි දරු උපත්වලට එය බෙහෙවින් ඉවහල් වෙනවා. සති 30 සම්පූර්ණ වෙද්දී මේ මවට රුධිරය වහනය වෙන්නත්, බඩේ වේදනාවක්‌ ඇති වෙන්නත් පටන් ගත්තා. නියමිත කාලය සම්පූර්ණ කර නැති වුවත් මවගේ ජීවිතය හා දරුවන් රැක ගැනීම උදෙසා සිසේරියන් සැත්කමක්‌ කළා. දරුවෝ පස්‌දෙනාම කාලය සම්පූර්ණ වනතුරු ඉන්ක්‍යqබේටර්වලට යොමු කළා.

රෝහල් වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්‌ඩලය දරුවන් ගැනත් මව ගැනත් විශේෂ අවධානයකින් කටයුතු කරනවා. මේ රෝහලේ පස්‌ දරු උපතක්‌ සිදුවුණු දෙවන අවස්‌ථාව මේකයි. මීට කලින් 2004 ඔක්‌තෝබර් 06 වැනිදා පස්‌දරු උපතක්‌ සිදුවුණා. ඒ පිළිබඳ වෛද්‍යවරයා වූයේත් මෙම සැත්කමට සම්බන්ධ වූ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය කපිල ගුණවර්ධන මහතාම වීම විශේෂයි."

පස්‌ දරු උපතින් ප්‍රීතියට පත් මව සහ පියා පැවසුවේ වෛද්‍ය උපදෙස්‌ අනුව බිලිඳුන් පස්‌දෙනකු ලැබෙන බව කල් තබා දැනගෙන සිටි බවයි. දරුවන්ගේ අනාගතය වාසනාවන්ත කිරීමට සෑම උත්සාහයක්‌ම ගන්නා බව ද ඔවුහු පැවසූහ.

දරු උපත පිළිබඳ තොරතුරු ලද වහාම මධ්‍යම පළාත් ආණ්‌ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා මහනුවර ශික්‍ෂණ රෝහලට ගොස්‌ මවටත් පියාටත් සුබ පැතුවේය


 ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට පස් දරුවන් බිහි කළ ආශ්චර්‍යමත් මාතාව වූයේ එවකට 29 හැවිරිදි වියේ පසු වූ චමිලා වීරසේකර මාතාවයි. ඇගේ සැමියා නිමල් පියතිස්ස මහතාය. ඔහු එවකට ජනාධිපති ආරක්ෂ අංශයේ සේවය කළේය


( ඉහතින් පෙනෙන්නේ Children4 මුල්ම පස් දරු උපත සිදු වී ටික කලකට පසු එම දරුවන් සහ චමිලා වීරසේකර මහත්මිය දකින්නට ජනාධිපති ආර්‍යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය එම නිවසට ගොස් සිටි අයුරු.)

Gossip Lanka Hot News Previous News Archive