සිව්දින ඩුබායි නිල සංචාරය සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ පිටත් වීමට නියමිතව තිබූ ශී‍්‍ර ලංකන් ගුවන් යානයේ එන්ජින් දෝෂයක් ඇති බව සංචාරය ඇරඹීමට පෙර අවසන් මොහොතේ දී ජනාධිපති ආරක්ෂක අංශයේ සුපරික්ෂාවන් නිසා අනාවරණය වීමෙන් සිදුවීමට ඉඩ තිබූ විශාල අනතුරක් නූලෙන් වැළකී තිබේ.
පෙරේදා (20) පස්වරු 5.00ට ශී‍්‍ර ලංකාවට පැමිණි මෙම ගුවන් යානය ජනාධිපතිවරයාගේ නිල සංචාරය වෙනුවෙන් වෙන් කර අවශ්‍ය නඩත්තු කටයුතු සිදු කරද්දී එහි එන්ජින් දෙකෙන් එක් එන්ජිමකට ඉන්ධන ගෙන යන හයිඩ්‍රොලික් පද්ධතියේ
දෝෂයක් ඇති බව ජනාධිපති ආරක්ෂක අංශය අවසන් මොහොතේ අනාවරණය කරගන්නා තුරුම ශී‍්‍ර ලංකන් ගුවන් සේවයේ කිසිදු නිලධාරියකු ඒ පිළිබඳව දැන සිට නැතැයි ද තතු දත් ආරංචි මාර්ග පවසයි.
මේ පිළිබඳව ජනාධිපති ආරක්ෂක අංශය තොරතුරු අනාවරණය කරගැනීමෙන් පසුව ගුවන් සේවයේ ඉහළ බලධාරියකුගෙන් විමසීමේ දී ගුවන් යානයේ වායු සමීකරණ පද්ධතියේ ඇතිව තිබෙන සුළු දෝෂ සහගත තත්ත්වයක් යථා තත්ත්වයට පත් කරමින් සිටින බව ඊයේ දහවල් පවසා තිබේ.
ජනාධිපති ආරක්ෂක අංශය ඍජුවම නඩත්තු ඉංජිනේරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී දෝෂ සහගත තත්ත්වය අනාවරණය කරගත් විට එම දෝශ සහගත කොටස වෙනුවට වෙනත් යානයකින් කොටසක් මාරු කිරීමට බලධාරීන් ගත් තීරණය ද ජනාධිපති ආරක්ෂක අංශය හා රජයේ බලධාරින් විසින් ප්රතික්ෂෙප කර තිබේ.
ගුවන් යානයේ එන්ජිමකට ඉන්ධන ගෙන යන හයිඩ්‍රොලික් පද්ධතියේ දෝෂයක් හට ගත් විට නිසි පීඩන තත්ත්වයන් යටතේ එය පරීක්ෂා කර අදාළ නඩත්තු කටයුතු සිදු කිරීම මිස කොටසක් මාරු කර ඊට විසඳුම් සෙවිය නොහැකි බවද මේ සිද්ධිය පිළිබඳව කරනු ලබන පරීක්ෂණයන්හි දී අනාවරණය වී ඇතැයි තතුදත් ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව රජයේ බලධාරීන් හා ජනාධිපති ආරක්ෂක අංශය ජනාධිපතිවරයාගේ ඩුබායි නිල සංචාරය සඳහා වෙනම ගුවන් යානයක් ලබාදෙන ලෙස ශී‍්‍ර ලංකන් ගුවන් සේවයට දන්වා ඇති අතර අවසානයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැය කිහිපයක පමාවකින් පසුව සිය නිල සංචාරය ඇරඹූ බවද එම ආරංචි මාර්ග තවදුරටත් ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් රාජ්‍ය නායකයාගේ නිල සංචාරය සඳහා භාවිත කරන ගුවන් යානය නිසියාකාරව පරීක්ෂාවට ලක් නොකර වායු සමීකරණ පද්ධතියේ දෝෂයක් ඇතැයි සංචාරය ඇරඹීමට ආසන්න වන තුරුම කියා සිටීමත් ඉන්ධන ගෙන යන හයිඩ්‍රොලික් පද්ධතියේ දෝෂයක් තිබිය දී ඒ සම්බන්ධයෙන් ජනාධිපති ආරක්ෂක අංශය කි‍්‍රයාත්මක වන තුරුම අවධානය යොමු නොකිරීමත් පසුපස කිසියම් කඩාකප්පල්කාරී කි්රයාවක් සිදුව ඇත්දැයි යන්න පිළිබඳ ජනාධිපති ආරක්ෂක අංශය ඒ මොහොතේ පටන්ම පුළුල් පරීක්ෂණයක් ඇරඹූ බව ද ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මේ අතර ගුවන් යානා යාන්ති‍්‍රක ඉංජිනේරුවරයකුගෙන් කළ විමසීමක දී හෙතෙම සඳහන් කළේ යම් හෙයකින් ගුවනේදී ටර්බයිනයක් කි‍්‍රයාවිරහිත වූයේ නම් එය යානයේ සමබරතාව ගිලිහීයාමට හේතු වී විනාශයට පත්වීමට ඉඩ තිබූ බවය.