ජපානය කෝප ගන්වමින් සෙන්කකු දූපත් ලග මුහුදට චීන යුද නැව්


චීනය සහ ජපානය අතර මත භේදයට ලක්වි ඇති සෙන්කාකු දුපත් පෙළ පිහිටා ඇති නැ‍ඟෙනහිර චීන මුහුදු ප්‍රදේශයට චීනය ඊයේ නාවික යාත්‍රා සහ ගුවන් යානා යවා ඇත. මෙය ජපානය ප්‍රකෝප කිරීමට ත් අර්බුදය උග්‍ර අතට හැරවිමටත් හේතුවනු ඇතැයි විශ්වාස කෙරේ.
මෙම සේනාංකයට යුද නෞකා ඇතුළු නෞකා 11ක් සහ ගුවන් යානා 8 ක් ඇතුළත්ය. දෙරට අතර මතභේදය ඇතිවීමෙන් පසුව ඇතිවූ ප්‍රබලම ප්‍රකෝප කිරිමේ ක්‍රියාව මෙය ලෙස සැලකේ. මේ සම්බන්ධයෙන් පෙරේදා නිවේදනයක් නිකුත් කළ චීන ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ මෙම අභ්‍යාසය කරන්නේ චිනයේ ‍ ස්වෛරී බව සහ මුහුදු සිමාව රැක ගැනීමේ අරමුණ ඇතිව බවයි.
මෙම අර්බුදකාරි තත්ත්වය උත්සන්න වූයේ පසුගිය මාසයේදී සෙන්කාකු ඇතුළු දූපත් පෙළ ජනසතු කිරිමට ජපන් රජය කටයුතු කිරීමෙන් අනතුරුවයි. මේ හේතුවෙන් චිනය පුරා ජපන් විරෝධතා සහ උද්ඝෝෂණ පැන නැඟිනි. මේ අතර ජපානය ඇමෙරිකාවත් සමඟ එක්වි නැගෙනහිර චින මුහුදේ යුද අභ්‍යාසයක් පැවැත්වීමට සූදානම් වන බව දවාර්තා වේ.

Gossip Lanka Hot News Previous News Archive