Pages

අවසන්වරට පැවෙති ඇමරිකානු ජනාධිපතිවරණ විවාදය ඔබාමා ජයගනී


ජනාධිපතිවරයා ලෙස සිය පළමු වගකීම ජනතාවගේ ආරක්ෂාව බව ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා පැවසීය.
ඔහු මෙම අදහස් පළ කලේ ඇමරිකානු ජනාධිපතිවරණ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර පැවති අවසාන හා තුන්වන රූපවාහිණී විවාදයට එක්වෙමිනි.
නිව්ස් ෆස්ට් මාණ්ඩලික වාර්තාකරු රමේෂ් ඉරුගල්බණ්‍ඩාර,ඇමරිකාවේ උතුරු කැරොලිනි ප්‍රාන්තයේ සිට
'' ඇමරිකානු ජනාධිපතිවරණයේ තීරණාත්මක තෙවැනි සහ අවසන් විවාදය මීට සුළු ‍මොහොතකට පෙර අවසාන වුණා ෆ්ලොරිඩාහි දී.මෙම තෙවන සහ අවසන් විවාදයේ දී සාකච්ඡාවට බඳුන් වූයේ ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තියයි.ජනාධිපති බැරැක්
ඔබාමා සහ රිපබ්ලිකන් පක්ෂයේ මිට් රොම්නි අපේක්ෂකයා අතර සාකච්ඡා වූ කරුණු කාරනා රාශිය අතරින් ඉරාකය ඉරානය හා සිරියාවේ දැනට පවතින තත්ත්වය සුවි‍ශේෂී ස්ථානයක් ගත්තා.මෙම විවාදයේ දී සාකච්ඡා වූ කරුණු කිහිපයකට යොමු වෙමු ''
විවාදයේ තීරක ලෙස කටයුතු කළේ සී.බී.එස්.සේවාවේ බොබ් ෂිෆර් ය.
මිට් රොම්නි
'' තමන් සම්බන්ධයෙන් වූ කාරණා වල දී ඔබාමා පරිපාලනය දුර්වල තැනක සිටින බව ඉරානයට මුල සිටම දැනෙන්නට වුණා.මං හිතන්නේ එහි දී ඔබාමා පරිපාලනය තමන්ගේ ශක්‍යතාව පිළිබඳව හරියට හඳුනාගත්තේ නෑ.මීට අවුරුදු හතරකට කලින් ඔබාමා මහත්තයා තමන්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වල දී කියපු දෙයක් තමයි හ්‍යුගෝ චාවේස්,කිම් ජොන් ඉල්,ෆිදෙල් කැස්ත්‍රෝ,මොහොමඩ් අහමඩිනේජාඩ් වැනි අය ඉදිරියේ දී කෙලින් හිටගන්නවා කියලා ''
බැරැක් ඔබාමා
'' මම මුලිනුත් කිව්වා වගේම ආර්ථික සම්බාධක පිළිබඳව කියනවා නම් අපි ඔය කියන රටවලට එරෙහිව අන්කවරදාකවත් බල නොපැවැත්වුණු ආකාරයේ සම්බාධක පැණවූවා.මේ ආර්ථික සම්බාධක බලාත්මක කරන්න අපි අපේ ජාත්‍යන්තර සගයො එක්ක කටයුතු සම්බන්ධීකරණය කරගෙන යනකොට සම්බාධක සැබෑවක්  කරන්න සාකච්ඡා කර‍ගෙන යනකොට ඔබ ඉරා‍නය සමඟ ඛණිජ තෙල් වෙළඳාමේ නිරත චීන සමාගමක මුදල් ආයෝජනය කරනවා ''
මිට් රොම්නි
'' බින් ලාඩ්න් අත්කර දුන් ඉරණම සම්බන්ධයෙන් හා බින් ලාඩ්න්ට වගේම අල්කයිඩාවට අත්කර දුන් ඉරණම පිළිබඳව අපට එකඟවෙන්න පුළුවන් .ඒ පිළිබඳව මම ඔබාමා මහත්මයාට‍ ස්තූතිවන්ත වෙනවා.අපිට මෙවැනි මිනිසුන් ඝාතතය තුළින්ම ඉදිරියට යන්න බැහැ ''
බැරැක් ඔබාමා
'' සේනාධිනායකයා විදිහට මගේ ප්‍රථම රාජකාරිය තමයි ඇමරිකානු ජනතාව ආරක්ෂා කරන එක.ඒක තමයි පසුගිය අවුරුදු හතරේ අපි කලේ.අපි ඉරාක යුද්ධය ඉවර කළා.අනතුරුව අපේ අවධානය යොමුවුණේ සැප්තැම්බර් 11 ප්‍රහාරයේ සියලු වගකිවයුත්තන් වෙතයි.ඒ අනුව අල්කයිඩාවේ මුල්පෙළේ නායකයින් සියලු දෙනාම අපි නැති කරලා දැම්මා ''
මිට් රොම්නි
'' 1970 න් පස්සේ අපේ නාවික හමුදාව බොහොම බරපතල විදිහට කුඩා වෙලා තියෙනවා.නාවික හමුදාව කියනවා ඔවුන්ට තම මෙහෙයුම් කරන්න නෞකා 313 ක් ඕන වුණත් දැන් තියෙන්නේ 285 යි කියලා.මේ 285 න් 200 ක්ම බොහොම පැරණියි.මේක නොසලකා හැරිය යුතු නැහැ ''
බැරැක් ඔබාමා
'' ආරක්ෂක වියදම් සම්බන්ධයෙන් තීරණ ගන්නේ කොංග්‍රස් මණ්ඩලය.ඒක අයවැය මඟින් කෙරෙන කටයුත්තක්.දැනට අපි අපේ හමුදාව නඩත්තු කරගෙන යනවා‍.මම හිතෙනවා අපේ හමුදාව ගැන හොයලා බලන්න රොම්නි මහත්තයා තවත් කාලය වැය කළොත් හොඳයි.ඔබ නාවික හමුදාව ගැන කිව්වා.සමහර නෞකා 1960 විතර හදපුවා කියලා ආණ්ඩුකාර තුමණි ඒවාගේම තමයි අපේ හමුදාවෙ තවම අස්සයොත් ඉන්නවා.බයිනෙත්තුත් තියෙනවා.ඒකට තමයි හමුදාවක ස්වභාවය.කාලයක් එක්ක ඒවා වෙනස් වෙන්නේ.අපට ගුවන් යානා ප්‍රවාහනය කරන නෞකාත් තියෙනවා ''