Pages

ශ්‍රී ලංකාවේ යුධ ස්මාරක ඉවත් කරනු– කරුණානිධි

ශ්‍රී ලංකා ආණ්ඩුව යුධ ජයග්‍රණය සිහි වීම පිණිස උතුරේ යුධ ස්මාරක පිහිටුවීම ඉතා අශිෂ්ඨ ක්‍රියාවක් බව තමිල්නාඩු DMK පක්ෂයේ නායක කරුණානිධි පවසයි.

එය දෙමළ ජනතාවට වේදනාකාරී සිතුවිලි ඇතිකරන්නක් බවද එය සාම ක්‍රයාදාමයක් සඳහා බාධාවක් බවද ඉන්දීය NDTV නාලිකාව සමග සාකච්චාවකට එක්වෙමින් ඔහු පවසයි.
 තවදුරටත් අදහස් පලකරන කරුණානිධි “යුධ ස්මාරක , කෞතුකාගාර හැදීම අශිෂ්ඨ වැඩ.මේ වැඩ සාම ක්‍රියාමාර්ගයක්
සාර්ථක වෙන්න බාධාවක්.ශ්‍රී ලංකා ආණ්ඩුව යුධ ස්මාරක හදන්නේ එල්ටීටීඊය වසර 30ක් යුධ කල භූමියේ.
දෙමළ ජනතාව ජනතාව ඝාතනය කල භූමියේ.දිනපතා සිය ගනන් ජනතාව එනව මේ යුධ ස්මාරක බලන්න. මෙක මර්ධනය වූ දෙමළ ජනතාවට මහත් පීඩාවක්” යැයිද පවසයි.