කොරියානු රැප් ගායකයාගේ ලොව වසඟ කළ ගැන්ගම් නර්තනය


නවතම නර්තන සම්ප්‍රදායක් වූ ගැන්ගම් නර්තනය ලොවපුරා පැතිර යාමට පටන් ගත්තේ එකී නර්තන පියවරවල් තම ගීතමය රූපරචනය හරහා හඳුන්වා දුන් දකුණු කොරියානු රැප් ගායක PSY ටත් හිතා ගැනීමටවත් නොහැකි වන ලෙසය.

පසුගිය පසුගිය ජූලි 15 වැනිදා ඔහුගේ මෙම නර්තනය යූටියුබ් වෙත එක් කළ අතර දින 50ක් තුල එය මිලියන 359ක් පමණ ජනතාව නැරඹීමට තරම් ලොවපුරා ජනප්‍රිය විය.

T. Pain, Katy Perry, Britney Spears, Tom Cruise Nelly වැනි යුරෝපයේ ජනප්‍රියතම කලාකරුවන් පවා PSY ගැන්ගම් නර්තනය පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය සාකච්ඡාවලදී කතා කිරීමට තරම් එම නර්තනය ඔවුනට සමීප වීඇත.


ගැන්ගම් නර්තනය සඳහා ලැබුණු ජනප්‍රියතාව නිසාම ඇමෙරිකාවේ Naval Academyහි මේ කොරියානු ගායකයාගේ ගැන්ගම් නර්තනය ඉගැන්වීම සම්බන්ධවද කොරියානු රජය සමග ඇමෙරිකාව එකඟතාවකට ද එළැඹෙමින් සිටී.



PSY ලැබූ ජනප්‍රියත්වය නිසාම මේ දිනවල The Today Show, Saturday Night Live Dodger Stadium, The Ellen DeGeneres Show වැනි ප්‍රසංගවල නම් අඩුවක් නැත. එසේම සැම්සුන්ග් සමාගම විසින්ද PSYව වෙළෙඳ දැන්වීමක් සඳහා ද යොදා ගෙන ඇත.

PSYගේ නර්තන ජනප්‍රියත්වය නිසා මේ ව
ර අවසානයේදී ජර්මනියේදී පැවැත්වීමට නියමිත MTV Europr music Awards 2012 සඳහාද රූපරචනය යෝජනා වී ඇති අතර මෙතෙක් Youtube හි වැඩි දෙනෙක් නැරඹූ 10 ආසන්නයටම පැමිණ ඇත. යූටියුබ් හි ජනප්‍රියතම වීඩියෝ 10 මෙසේය

Justin Bieber - Baby ft. Ludacris
785,340,993 Views
Jennifer Lopez - On The Floor ft. Pitbull
604,271,279 Views
Eminem - Love The Way You Lie ft. Rihanna
501,367,910 Views
Waka Waka (The Official 2010 FIFA World Cup (TM) Song)
494,629,090 Views
Lady Gaga - Bad Romance
489,115,869 Views
LMFAO - Party Rock Anthem ft. Lauren Bennett, GoonRock
487,616,545 Views
Charlie bit my finger - again !
485,232,235 Views
Michel Teló - Ai Se Eu Te Pego - Oficial (Assim você me mata)
440,631,849 Views
Don Omar - Danza Kuduro ft. Lucenzo
391,889,201 Views
Eminem - Not Afraid
364,667,664 Views
PSY - GANGNAM STYLE (강남스타일) M/V
359,713,166 Views

ගැන්ගම් නර්තනය සඳහා PSY තම වීඩියෝවට පසුබිම් කොට ඇති දකුණූ කොරියාවේ Seoul ප්‍රදේශයේ ජන ජීවිතය PSY නිසා වෙස්වී ඇත්තේ කුඩා දරුවන්ද Gangnam වලට ඇබ්බැහි වී ඇති බැවිනි.

එසේම ඇමෙරිකාවේ කැලිෆෝනියාව බෙවරිහිල්ස් වැනි නගරවල ගැන්ගම් පුහුණු සැසි පැවැත්වීමට ලැබෙන ආරාධනා මත සැසි පවත්වමින් සිටින අතර වරක් CNN නාලිකාව සමග සාකච්ඡාවකට එකතු වන PSY පැවසුවේ, “ගැන්ගම් නර්තනයක් ලෙස ජනප්‍රිය වීමට ප්‍රධාන හේතුව ඒ තුළ පැවැති කොරියානු ජන ජීවිතයේ හැඩතල සරලව නර්තන ප්‍රකාශයක් ලෙස ඉදිරිපත් කළ හැකි බැවින් එය ඉගෙනුමට වැඩි මහන්සියක් නොව නිසා“ යනුවෙනි.

කලක සිටම කොරියානු රැප් ගායකයකු ලෙස සංගීත ක්ෂේත්‍රය තුළ සිටියද PSY ගැන්ගම් නර්තනය නිසා අද පෙර නොලැබූ ප්‍රසිද්ධියක් ලබාගෙන ඇත. එම වීඩියෝව පහතින්.



මෙම නර්තනය අනුකරනය කරමින් විවිධ රටවල් ද තමන්ගේ වීඩියෝ නිපදවා ඇති අතර ලංකාවේ තරුණයින් කිහිප දෙනේකුද එවැනි නර්තනයක යෙදී වීඩියෝවක් නිපදවා ඇත.

එය පහතින්.


Gossip Lanka Hot News Previous News Archive