මෙම වසර තුල අමෙරිකානු නැගෙනහිර වෙරලේ කුණාටු තත්වය හේතුවෙන් ඩොලර් බිලියකට අධික අලාභයක් සිදුවිය හැකි බවට එරට කාලගුණ විද්‍යාඥයන් විසින් ප‍්‍රකාශ කර ඇත.
ෆ?න්කන් ස්ට්‍රෝම් නම් මෙම සුලි කුණාටුව හේතුවෙන් තද සුළං තද වර්ෂාව හා ඇතැම් ප‍්‍රදේශවලට හිම පතනයද සිදුවිය හැකි බවද මෙම තත්වය හයිට් හා කියුබා ප‍්‍රදේශවලටද විහිදී යාමට නියමිත බවද එම වාර්තා පෙන්වා දී ඇත.
මෙම සුලි කුණාටු තත්වය සැඩ සුලං ලෙස නැගෙනහිර භූමියට පැතිර යාමට 90%ක් සම්භාවිතාවක් ඇති බවද ඔවුන් තව දුරටත් පෙන්වා දෙයි. කුණාටුවේ පෙර ලකුණු ලෙස නිව්යෝර්ක් හා ජර්සි ප‍්‍රදේශවලට අඟල් 5 ක පමණ වර්ෂාපතනයක් හා පැයට සැතපුම් 40 වේගයෙන්
හමාගොස් තිබේ.මෙම කුණාටු තත්වය වසර 100 පුරාවට අමෙරිකාව මුහුණදෙන දරුණුතම සුළි කුණාටුව වනු ඇති බවට එම වාර්තා පෙන්වා දෙයි. එය එසේ වුවහොත් අමෙරිකාවට සිදුවන අලාභය ඩොලර් බිලියන 5 ඉක්මවනු ඇති බවත් ඔවුන් තව දුරටත් පෙන්වා දෙයි.