තිස්සමහරාම වැලිපොතේවෙල ප්රදේශයේ වගා බිමකට ඊයේ (28දා) උදැසන කඩාවැදුණු ගවයන් රංචුවක් පලවා හැරීමට ගිය ගොවියකුට මී ගවයකු ඇන බරපතළ තුවාල සිදුකරද්දී එය දැක කම්පනයට පත් වූ ඔහුගේ බිරිඳ හෘදයාබාධයකට ලක්ව එම අවස්ථාවේදී මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ තිස්සමහාරාම වැලිපොතේවෙල සූරියඉඩමෙහි පදිංචිව සිටි පතිරණගේ දොන් තුෂාරි නිල්මිණි නමැති තිස්දෙහැරිදි එක්දරු මවකි. තම මුං වගාවට ගවයින් පැන විනාශ කර දමන බවට ලැබුණු තොරතුරකට අනුව ගවයන් පලවා හැරීමට මියගිය කාන්තාව සහ ඇගේ සැමියා එහි ගොස් ඇත.
ගවයින් පලවා හැරීම සඳහා වගා බිමට ඇතුළු වූ සැමියාට මී ගවයකු ඇන බරපතළ තුවාල සිදුකරද්දී ඒ අසල සිටි ඔහුගේ බිරිඳ කෑගසමින් ගවයාගෙන් තුවාලකරු බේරාගැනීමට උත්සාහ කර තිබේ.
පසුව අවට ගොවීන් පැමිණ තුවාලකරු යතුරු පැදියකින් නිවසට රැගෙනවිත් ඔහුගේ ඇඟේ තිබූ මඩ සෝදා පිරිසිදු කර ත්රිරෝද රථයකින් රෝහලට රැගෙන යන දෙස බලාසිටි ඔහුගේ බිරිඳ සිහිසුන්ව ඇද වැටී ඇත.
පසුව ඇය තිස්සමහාරාම මූලික රෝහලට රැගෙන ගිය අතර එහිදී ඇය මියගොස් ඇති බව අනාවරණය විය.
මී ගවයාගෙන් පහර කෑමට ලක්ව තුවාල ලැබූ මියගිය කාන්තාවගේ සැමියා තිස්සමහාරාම රෝහලෙහි ප්රතිකාර ලබයි.