කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට යලිත් වරදී


ඊයේ අලුයම් කාලය වන විට ශ‍්‍රි ලංකාවේ උතුරු වෙරල තීරයන්ට බලපාන්නේ යයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසූ සුළි කුණාටුව මේ වන තෙක් ශ‍්‍රී ලංකාවට ඇතුළු වී නැත.
ඔවුන් දැන් කියන්නේ ශ්‍රී ලංකාව සමීපයේදී කුණාටුවේ ප්‍රබලත්වය බොහෝ සෙයින් අඩුවී ඇති බවත් තද සුළං සහ තද වැසි හට ගත්ත ද සුළි කුණාටු තත්ත්වයක් ඇතිනොවන බවත්ය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනයා අතර ප‍්‍රකටව ඇත්තේ වැඩිපුරම අසත්‍ය අනාවැකි කියන ආයතනයක් ලෙසය.

කෙසේ වෙතත් බෙංගාල බොක්කේ පවතින ගැඹුරු අවපීඩන තත්ත්වයේ වෙනසක් සිදුව නොමැති බවද එම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් පවසයි.මේ අතර අද දිනයේද මන්නාරම සිට යාපනය සහ මුලතිවු හරහා ත්‍රීකුණාමළය දක්වා මුහුදු ප්‍රදේශය ඉතා රළු වන බැවින් එම මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීමෙන් වලකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවරයන්ගෙන් ඉල්ලා සිටී.

Gossip Lanka Hot News Previous News Archive