භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය දිග්ගැස්සීමට ඇති එකම හේතුව දේශපාලන බලපෑම බව භාරත ලක්ෂ්මන් මහතාගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා අද ප්‍රකාශ කළේය.
නීතීඥවරයා එලෙස ප්‍රකාශකරනු ලැබුවේ සිද්ධියට අදාල සැකකරුවන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවට, ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.
මේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නිසා එම බලපෑම් එල්ලවන බව නීතිඥවරයා වැඩිදුරටත් පැවසීය.
ඊට පිළිතුරු දුන් දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි, ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසුරිය මහතා පැවසුවේ මියගිය භාරත ලක්ෂ්මන් මහතාද දේශපාලනඥයෙකු බව ය.
මෙහිදී උපුල් කුමාරප්පෙරුම මහතා සදහන් කළේ මීට දේශපාලන ඇගිලිගැසීම් වැඩි වුයේ භාරත ලක්ෂ්මන් මහතා නිසා නොව දුමින්ද සිල්වා මහතා නිසා බව ය.
මෙම සිද්ධියේදී ප්‍රථමයෙන්ම වෙඩි වැදුණේ දුමින්ද සිල්වා මහතාට බව හේමන්ත වර්ණසූරිය මහතා ප්‍රකාශ කළේය.
මෙහිදී කුමාරප්පෙරුම මහතා විමසා සිටියේ තවමත් නඩුවේ සාක්ෂි ඉදිරිපත් වී නොමැති බැවින් ඔහු එවැනි දෙයක් ප්‍රකාශ කරන්නේ කෙසේද යන්න පිලිබඳව ය .
ආර් ගාමිණි නැමති සැකකරු වෙනුවෙන්, වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජගත් අබේරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ, ඔහු ඉතාමත් අසරණ පුද්ගලයකු බවත්, රැකියාව පවා අහිමිවීමට ඉඩ ඇති බැවින් සැකකරුට, ඇප ලබාදෙන ලෙස ය.
මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරුවන් යළිත් නොවැම්බර් 6 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන්න යැයි නියෝග කළේය.
'' මෙම නඩුවේ මූලික අවස්ථාවේදී ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා සිටියේ මේ සිද්ධිය වෙලා විනාඩි දෙකකින් තමයි දුමින්ද සිල්වාට තත්පර ගාණකින් තමයි වෙඩි වැදුනේ කියා ඒ නිසා සියලුම සිද්ධි ගතවෙන්න බොහෝ කාලයක් ගතවුණා.ඒ සියලුම සිද්ධි වුණේ ඊට පස්සේ .ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපි බලාපොරොත්තු වෙනවා.නීතිපතිවරයාට කරුණු සැලකර සිටින්න.සැලකරලා ඒ සම්බන්ධයෙන් සාධාරණ තීන්දුවක් එතුමා දෙයි කියලා අපේ විශ්වාසය තියෙනවා ''
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
'' බොරුව ඇත්ත වෙන්නෙත් නැහැ.ඒ වගේම වැරදිකාරයන්ට අධිකරණයෙන් ඔප්පු වෙනකම් අපිට කියන්න බැහැ කවුද හරි කවුද වැරදි කියලා.ජනතාව නොමඟ යවන එක නවත්තන්න කියන්න එකක් මම ඉතාමත්ම පැහැදිළිව කියන්න කැමතියි.ඒ පැත්තේ නීතීඥවරුන්ට හැමදාම බොරු කර කර ඉන්න බැහැ.මේ විදිහට ,දැන් අවුරුද්දක් ගිහිල්ලා කවදාරි දවසක ඇත්ත වෙනවා.සත්‍ය කොච්චර කටුකවුණත් මොනතරම් අකමැති වුණත් සත්‍ය සත්යමයි.මම අනිවාර්යෙන්ම සාධාරණයක් ඉටු වෙනකම් අපි සටන අනිවාර්යෙන් ඉදිරියට ගෙනියනවා ''