Pages

ලංකාවේ කි‍්‍රකට් වලට මොකද වෙන්නේ ?


මෙරට කි‍්‍රකට් කී‍්‍රඩාවේ සිදුකිරීමට යෝජනා වී ඇති වෙනස්කම් ක‍්‍රිකට් තරඟ පාවාදීමට අනුබලය සපයන බව සී.සී.සී කී‍්‍රඩා සමාජ කි‍්‍රකට් කමිටුවේ සභාපති ශම්මි සිල්වා පවසයි.
‘‘ලංකාවේ කි‍්‍රකට් මෙච්චර හොඳ තත්ත්වයක තිබිය දී මේ අය කරන්න යන්නේ මොකක්ද කියලා මට නම් හිතාගන්නා බැහැ. මෙරට කි‍්‍රකට් තරග සැලැස්ම වෙනස් කිරීමට තිබෙන වුවමනාව මොකක්ද කියලා තමයි අපටත් හිතාගන්න බැරි.’’ යැයි ඒ මහතා සඳහන් කළේය.
‘‘මෙරට කි‍්‍රකට් කී‍්‍රඩාවේ දියුණු කිරීමට තව මොනවද තියෙන්නේ. දැන් බලන්න පසුගිය අවුරුදු 5 ඇතුළත අපි ලෝක කුසලාන තරගාවලි 4 කම අවසාන මහ තරගයට කී‍්‍රඩා කළා.
ඒකෙන්ම තේරෙනවා ලංකාවට උචිත ආකාරයට තමයි අපේ කි‍්‍රකට් කී‍්‍රඩාව ව්‍යාප්ත වෙලා තියෙන්නේ. විශේෂයෙන් කොළඹ තියෙන ති‍්‍රකෝණය ඇතුලේ තමයි කි‍්‍රකට් පිහිටලා තියෙන්නේ. ඉතින් මට නම් තේරෙන්නෙ අපේ රටේ කි‍්‍රකට් කි‍්‍රඩාව නැති කිරීමට මෙරට අයට මුදල් ලබාදීලා ජාත්‍යන්තරය කරන බලපෑමක් තමයි මේ සිදුවෙමින් තියෙන්නේ. සමහර රටවල්වලට හරි ප‍්‍රශ්නයක් වෙලා තියෙනවා අපේ රටේ කි‍්‍රකට් කී‍්‍රඩාව.
අපේ රට පොඩි වුණාට අපි කි‍්‍රකට් අතින් ඉදිරියෙන් ඉන්නවා. දැන් බලන්න ද. අපි‍්‍රකාවෙන් හරූන් ලෝගට් ඇවිත් අපේ රටේ කි‍්‍රකට් කී‍්‍රඩාව වෙනස් කරන්න හදනවා. නමුත් මෙච්චර කාලයකට ද. අපි‍්‍රකාව අවසන් මහා තරගයකට ඇවිත් නැහැ. ද. අපි‍්‍රකාවේ හිටපු කි‍්‍රකට් ප‍්‍රධාන විධායක නිලධාරියා හැටියට ද. අපි‍්‍රකාවේ කි‍්‍රකට් දියුණු කරන්න එපැයි. අපි පහුගිය අවුරුදු 5 ඇතුළත අවසන් මහා තරග හතරකට කී‍්‍රඩා කරපු එක විදෙස් රටවලට හරිම ප‍්‍රශ්නයක්.
අපේ සිස්ටම් එකේ වැරැද්දක් තියෙනවා නම් අපිට මේ තත්ත්වයට එන්න බෑනේ. අපේ තත්ත්වය නරක නම් මෙච්චර හොඳ කී‍්‍රඩකයන් බිහිවෙන්න බෑනේ. මේ හදන්නේ ඒ සිස්ටම් එක නැති කරලා දාන්න. අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර බලපෑමක් තියෙනවා. ඒ අය අපේ සමහර පරණ කී‍්‍රඩකයන්, පරිපාලන නිලධාරීන් යොදාගෙන ඔවුන්ට අවශ්‍ය කාර්යය කරගන්න හදනවා.’’ වැඩිදුරටත් අදහස් දක්වමින් ශම්මි සිල්වා මහතා සඳහන් කළේය.