ඉන්දීය මේජර් ලංකාවේ පෙම්වතියේ වෙනුවෙන් යුධ හමුදාවේන් ඉවත් වේ

ඉන්දියාවේ යුධ හමුදාවේ මේජර්වරයෙකු වන විකාස් කුමාර් සහ ඔහුගේ පෙම්වතිය වන ශ්‍රී ලංකාවේ අර්හිලා රණමාලි ගුණරත්න යන දෙපළගේ විවාහය මේවන විට ඉන්දීය අධිකරණය හමුවේ පවත්නා ගැටලුවක් බවට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය යුධ හමුදා නිලධාරියෙකුට වෙනත් රටක අයෙකු විවාහ කර ගැන්මට නීතියෙන් අවසර නොලැබේ. එසේ විවාහ කර ගන්නේනම් ඇය අනිවාර්යයෙන්ම ස්වකීය මුල් පුරවැසිභාවය අහෝසි කර ගත යුතු බව කියැවෙයි.

අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව රණමාලි ගුණරත්න සිය ශ්‍රී ලාංකික පුරවැසිභාවය ඉවත් කරගැනීමට ද අකමැතිය.

එබැවින් මේජර් විකාස් කුමාර් හමුදාවෙන් ඉවත්වීමට තීරණය කළද හමු‍දාවේ අනිවාර්යයෙන් රැඳිය යුතු කාල සීමාව නොඉක්මවීම නිසාවෙන් ඊට බාධා පැමිණ තිබේ.

මේ හේතුවෙන් සිය පෙම්වතිය දිනාගැනීම සඳහා මේජර්වරයා හමුදා සේවයෙන් ඉල්ලා අස්වන්නට තීරණය කර ඇති බවත් , හෙතෙම සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉන්දීය යුධ හමුදාවට බාර දුන්න ද ඔවුන් එය ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් මේවන විට අධිකරණය හමුවේ තවදුරටත් කරුණු දැක්වීම් සිදුවන අතර අගවිනිසුරු වික්‍රමජිත් සෙන් සහ විනිසුරු බී.බී.වී.නාගරත්න යන දෙදෙනාගේ තීරණය අනුව මොවුන්ගේ විවාහය තීරණය වනු ඇත.

ඉංජිනේරු සිසුවෙකු වන විකාස් කුමාර් හා අර්හිලා රණමාලි ගුණරත්න පසුගිය 2011 වසරේ දී හමුවී ඇති අතර එම වසරේම නොවැම්බර් මස විවාහවීමට ද සූදානම්ව සිට ඇතැයි වාර්තා වේ. එහෙත් පවතින තත්ත්වය මත ඊට බාධා පැමිණ තිබේ.

කෙසේ වෙතත් යුධ හමුදා පුහුණුවේ දී තමන් වෙනුවෙන් වැය කළ සියලු මුදල් ද නැවතත් ලබාදීමට අදාළ මේජර්වරයා අධිකරණය හමුවේ එකඟ වී ඇතැයි සඳහන්ය.

Gossip Lanka Hot News Previous News Archive