ජංගම දුරකථන හා අන්තර්ජාලය භාවිතා කිරීම හේතුවෙන් මේවන විට ගැහැණු දරුවන්
සැලකිය යුතු පිරිසක් ලිංගික අතවර වලට ලක්ව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන්
කරයි.
අනුරාධපුරය,මඩකලපුව සහ කොළඹ ඉලක්ක කරගනිමින් සෞඛ්‍ය අමාත්‍යංශය සහ එක්සත්
ජාතීන්ගේ ජනගහන අරමුදල කරන ලද සමීක්ෂණයකදී හෙළිව ඇත්තේ දැරියන්ගෙන්
70%ක්ම,මෙම අපචාරවලට ලක්ව ඇත්තේ තම ජංගම දුරකථනයට ලැබුණු මඟහැරුණු ඇමතුම්
(Missed call) වලට ප්‍රතිචාර දැක්වීමට යාම නිසා බව සෞඛ්‍ය අමාත්‍යංශය
පෙන්වා දෙයි.
තවද දැරියන් විශාල සංඛ්‍යාවක් මෙසේ අතවරයට ලක්ව ඇත්තේ විවාහ පිරිමි පුද්ගලයන්ගෙන් බවද වැඩිදුරටත් සමීක්ෂණයෙන් හෙළිවී තිබේ.