ළමා අපචාරකරුවන්ගේ ලැයිස්තුවක් – ළමාරක්ෂක අධිකාරිය


ළමුන් පිලිබඳ ජාතික ප්‍රතිපත්තියක කොටසක් වශයෙන් ලිංගික අපචාර කරුවන්ගේ ලැයිස්තුවක් සකස් කිරීමට පියවර ගනිමින් තිබෙන බව ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසයි.
එවැනි ලැයිස්තුවක් සකස් කරන තුරු, විශේෂයෙන්ම විදේශවල සිට ශ්‍රී ලංකාවට ළඟාවන ළමා අපචාරකයන් එක්වර හඳුනා ගැනීම ඉතා අසීරු බව ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි අනෝමා දිසානායක පවසයි.

තවමත් පහලගම සෝමරතන නායක හිමියන්ගේ භාරයේ පවතින ගම්පහ ළමා නිවාසයක හිමිකාරත්වය සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබද විමසීමෙන් පසුව සභාපතිනිය ඒ බව සඳහන් කළාය. ළමා ලිංගික අපචාර චෝදනාවලට වැරදිකරු වූ සෝමරතන නායක හිමියන්ට පසුගියදා බ්‍රිතාන්‍ය අධිකරණයකින් වසර හතක සිර දඬුවමක් නියම විය.

Gossip Lanka Hot News Previous News Archive