දයාසිරි පබා සමඟ රට යයි ෆොන්සේකාව මග හරි


එක්සත් ජාතික පක්ෂය විසින් කුමන විනය ක‍්‍රියාමාර්ගයක් ගත්තද ලබන 18 වැනිදා එක්සත් භික්ෂු පෙරමුණ මගින් සංවිධානය කර ඇති සමුළුවට අනිවාර්යයෙන් සහභාගි වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.
පක්ෂයේ තවත් මන්ත‍්‍රීවරුන් පිරිසක් තමන් සමග මෙම සමුළුවට සහභාගිවීමට සූදානමින් සිටින බවද පවසන ඔහු මෙම සමුළුවට පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ සහභාගීත්වය ස්ථිර නොමැති බව ද සඳහන් කරයි.
එක්සත් භික්ෂු පෙරමුණ විසින් ලබන18 වැනිදා හයිඞ් පිටියේදී පැවැත්වීමට නියමිතව ඇති සමුළුවට සහභාගි නොවන ලෙස එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ද පසුගියදා සිය සාමාජිකත්වය වෙත දැනුම් දී ඇති අතර එයට සහභාගිවන අයගේ සාමාජිකත්වය අහෝසි කිරීමටද තීරණය කර තිබේ.
මෙම සමුළුවට සහභාගිවීමට සූදානම්ව සිටි එජාප මන්ත්‍රීවරුන් වන කරු ජයසුරිය,  පාලිත රංගේබන්ඩාර සහ හරේන් ප්‍රනාන්දු  යන මහත්වරුන් මේ දක්වා තම පැමිණීම තහවුරු කර නැත.
මේ අතර දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මෙම රැස්වීමට සහභාගිවීමට නියමිත බව එහි සංවිධායකයින් මිට පෙර ප්‍රකාශ කලද ඔහු සංගීත ප්‍රසංගයක් සදහා ‘පබා’ මන්ත්‍රීවරිය සමග විදේශ ගත වී ඇතැයි වාර්තා වේ.

Gossip Lanka Hot News Previous News Archive